මිනීමැරුම පොලිස් පොතට දිවි නසාගැනීමක් කල සැරයන් රිමාන්ඞ්
මීට වසර හතරහමාරකට පමණ පෙර කිසියම් පිරිසක් විසින් ඝාතනය කොට තිබූ කැකිරාව, ඔළුකරද ප‍්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මරණය දුම්රියට පැන සිය දිවි හානිකර ගැනීමක් බවට පොලිස් පරීක්ෂණවලදී ව්‍යාජ කරුණු ඉදිරිපත් කිරීම ගැන
චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයකු කැකිරාව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
සැකකරු එවකට කැකිරාව පොලිස් ස්ථානයේ සේවය කර ඇති අතර මේ වනවිට යාපනය කයිට්ස් පොලිසියේ සේවය කර ඇත.
කැකිරාව, ඔළුකරද ප‍්‍රදේශයේ පදිංචි ධම්මික සිරිවර්ධන නමැති සැකාකර සැරයන්වරයා පෙරේදා (27 දා* මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකොට තිබේ.
කැකිරාව, ඔළුකරද ප‍්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික ධම්මික ලොකුපළිහක්කාර නමැති අය 2010 පෙබරවාරි මස 17 වැනි දින මිය ගොස් සිටි අතර පසුව ඔහුගේ සිරුර කැකිරාව, ඉහළගම ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගයේ තිබී හමු වී තිබිණි.
අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඒ සඳහා සාක්ෂි දීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය නොකරන ව්‍යාජ පුද්ගලයකු දුම්රිය රියෑදුරෙකු ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත්කොට මරණ පරීක්ෂණය පවත්වා ඇත.
අනතුරුව මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ව්‍යාපාරිකයාගේ සහෝදරයන් විසින් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාට ලිඛිතව පැමිණිලිකොට තිබිණි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට කළ නියෝගයකට අනුව පරීක්ෂණ ආරම්භ කළ අනුරාධපුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කිත්සිරි හේරත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ ගැන කැකිරාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සිරුර යළි ගොඩගැනීමෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදු කරන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණයේදී ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට නිගමනය කොට තිබිණි.
මේ අනුව සැකකාර පොලිස් සැරයන්වරයා විසින් මනුෂ්‍ය ඝාතනයක සත්‍ය තොරතුරු වසන් කළේ යෑයි යන චෝදනා මත මෙසේ අත්අංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කොට තිබිණි. අදාළ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ දුම්රිය රියෑදුරෙකු ලෙස සාක්ෂි දුන් අයකු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය නොකරන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳව උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විෙඡ්ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි, අනුරාධපුර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1* එච්. සමුද්‍රජීව යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කිත්සිරි හේරත්, සහ උප පොලිස් පරීක්ෂක එච්. කේ. ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අනුරාධපුර - පර්සි කුරුනේරු . කැකිරාව - සුදත් ඒකනායක