මොලේ සැත්කමකින් ජීවිතේ බේරගත් මම පසුව පිලිකාවෙනුත් බේරුනා - ස්වර්ණා
මෙවර ඉරිදා සිළුමිණ රසඳුන සමග අදහස් දැක්වූ ප‍්‍රවීන චිත‍්‍රපට නිළි ස්වර්ණා මල්ලවාරච්චි ඇගේ ජීවිතය විස්මයක් වූ ආකාරය හෙළි කළා.
ඔබේ ජීවිතය දෙස බලද්දී ඔබ ලැබූ හැම දෙයක්ම විස්මයක් විදිහට පෙනෙන්නේ නැද්ද?
”විශාල විස්මයක් තමයි. මම ඇත්තටම විස්මයක් තමයි. 2002 වසරේ දී මට බ්‍රේන් ඔපරේෂන් එකක් කළා.
ඇනුවරිසම් කියන ලෙඩට මුහුණපෑවා. ඒ නහරෙකින් ලේ වහනය වෙන්නට පටන් ගන්නවා. ඒ කාන්දුවීම වැඩි වුණොත් ජීවිතය පවා අහිමි වෙනවා. හරියට වෙලාවට ලෙඬේ
හොයාගත්තෙ නැත්නම් ලෝකෙ මේ ලෙඬේ නිසා මරණයට පත්වූ අය ඕනෑතරම් ඉන්නවා. එයින් මාව දෙවියන් වහන්සේ බේරාගත්තා. ගිය වසරේත් ඊරුිඑ කැන්සර් එකක් හැදුණා. මට ඒ ලෙඩ රෝගවලින් පොඞ්ඩක්වත් පසුබලපෑමක් තිබුණෙ නැහැ. මම දැන් ඉස්සරටත් වඩා හොඳින් ඉන්නවා.”
ඔබ සරල අල්පේච්ඡ ජීවිතයක් ගතකරන බව පෙනෙනවා?
”මම රට යනවා අනන්ත අප‍්‍රමාණ. මගේ දුව ඉන්නෙ එංගලන්තයේ. කවදාවත් මට කිසිම සිහිවටනයක් ගෙනත් නැහැ පිටරටකින්. ඉස්සර ඉඳලම මම එහෙමයි. ජීවිතේ සරල වෙන්‍කොට හරිම ලේසියි.”
ඔබේ දියණිය දැන් කොහොමද?
”දුව දැන් ජීවත්වන්නේ එංගලන්තයේ. ඇය එරට ආයෝජන සමාගමක රැකියාව කරනවා. ඇය කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් උපාධිය හැදෑරුවා. මට ඇය ගැන හරිම ආඩම්බරයි. මගේ හැමදේටම වඩා මා ලැබූ විශාලම සතුට ඇයයි. දැන් අවුරුදු දහතුනකට වැඩි කාලයක් පුරා ඇය ජීවත්වෙන්නේ එංගලන්තයේ වුණත් එයා ඉංග‍්‍රිසි ජනයා අතර හැදුණත් හොඳට සිංහල කතාකරනවා. වැඩිහිටියන්ට ගෞරව කරනවා. මා ඉගැන්වූ සියලූ දේ ඇය සුරකිනවා. ඇය හරිම හුරතල් දරුවෙක්.”
ඔබේ ජීවිත අත්දැකීම් අළලා ග‍්‍රන්ථයක් රචනා කිරීමට අදහසක් නැත්ද?
”එයට වුවමනාව තිබෙනවා. එයත් හරියට කළ යුතුයි. ඒ දේ හරියට කළ යුතුයි. නැතිව ලෝකයට එක දෙයයි තමන්ට එක දෙයයි වගේ නොකළ යුතුයි. පොතක් ලියනවා නම් ඒ ලියන දෙයට තමන් හරි අවංක විය යුතුයි. එවිට තමයි ඒ පොත කියවන කෙනාට යම් දෙයක් ඒ තුළින් උකහා ගන්නට පුළුවන් වෙන්නේ. නැතිව ලොකු සුරංගනා ලෝකයක් පොතකට දැම්මහම වැඩක් නැහැ.”
තුෂාරි නේරංජා වික‍්‍රමසිංහ