මේ රට මෛත‍්‍රි පාලනයකට ගෙන යැමට අවශ්‍යයි - එජාප මන්ත‍්‍රී නලින්

මේ රට මෛත‍්‍රි පාලනයකට ගෙන යාමට අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.
රටට යහපාලනයක් අවශ්‍යයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු සිටිය යුතුයි. එනිසා ශ‍්‍රී ලංකාව මෛත‍්‍රි පාලනයකට ගෙනයා යුතු බවද නලින් බණ්ඩාර මහතා කීවේය.

අපේ අපේක්ෂකයා හෙළි කළාම ඔබතුමාලා ප‍්‍රමුඛ ආණ්ඩුව බයේ වෙව්ලයි. ඒ වගේම සලිත වෙයි යෑයිද මන්ත‍්‍රීවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ ඊයේ (20 වැනිදා) පැවැති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා එසේ කීවේය.

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට