එයා මහාචාර්යවරයෙක් කසාද බැන්දට පස්සෙ මං නෝර්වේ -මේනකා පීරිස්
ටෙලි නිළි මේනකා පීරිස් ළගදී යුග දිවියට පිවිසෙන්න සූදානම් වෙනවා. ඇය අතගන්නට යන මනාලයා නෝර්වේ රාජ්‍යයේ වාසය කරන සහකාර මහාචාර්යවරයෙකි. විවාහයෙන් පසු ලංකාව අතහැර නෝර්වේහි පදිංචියට යාමට සූදානමින් සිටින මේනකා මෙවර සති අන්ත පුවත්පත්වලට ඇගේ සහකරුවා පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා.
‘එයා අමර්. ඉන්නෙ නෝර්වේ වල.එහේ විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙක්. ඒවගේම එයා තෙල් සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. අපි දෙන්නා
දැනගෙන හරියටම මාස 9යි. විවාහය තීරණය කළේ දැනගෙන මාසයකින්.යෝජනාවකින් අපි අඳුනගත්තෙ. පෙබරවාරි මාසේ 21 වනදා යෝජනාව ආවේ.
අපි දවස් ගාණක් ස්කයිප් එකින් කතා කළා. හැබැයි වීඩියෝ ඔන් කළේ නෑ. දවස් 4 කට පස්සේ තමා වීඩියෝ ඔන් කරලා දෙන්නට දෙන්නා දැක්කෙ. අපිට විවාහය කල්දාන්න ඕන වුනේ නෑ. මාර්තු 21 වෙනකොට හොටෙලූත් බුක් කළා. එයාව මට අඳුන්නල දුන්නෙ මගේ අම්මා. මං හෙව්වෙ සිගරට් අරක්කු බොන්නැති හොඳ ගතිගුණ තියන කෙනෙක්.එයා ඒ වගේ කෙනෙක්. මාත් එක්ක මුලින් කතා කරද්දි මං නිළියක් බව දැනගෙන හිටියෙ නෑ.
එයා ලංකාවෙ වැඩි කාලයක් ඉඳල නැති නිසා. ඒත් නිළියක් බව දැනගත්තම කිව්වා බැන්දට පස්සේ ක්ෂේත‍්‍රයෙන් අයින් වෙලා නෝර්වේ පදිංචියට එන්න ඕන බව. මං ඒ තීරණයට කැමතියි. මං ර`ගපෑමෙන් සමුගන්නවා.’
මේනකා අමර් පූර්ව විවාහ ඡායාරූප එකතුව පහතින්
Pix By- Studio 3000DF