පරාජයේ වගකීම මං භාර ගන්නවා - සනත් ජයසූරිය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පසුගිය ඉන්දීය තරග පරාජයේ වගකීම තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් භාරගන්නා බව තැපැල් නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතා ඊයේ  17 දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

මෙම ඉන්දීය සංචාරය සඳහා සහභාගි වූයේ වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩකයන් ලෝක කුසලාන තරගයට දින අනූහතක් තියෙද්දී මේ අයව තෝරා ගත්තේ. ඔවුන්  ඕනෑම අවස්ථාවකදී තරගයකට ඉදිරිපත් වීමට සුදානම්ව සිටින අය. ගෙවීම් කරලා අවුරුද්ද පුරා පුහුණුවීම් කරන ක‍්‍රීඩකයන්. බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන්, ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකාවට එන්න බෑ කියූ කාලයේ ඉන්දියාව අපේ රටට ඇවිත් ක‍්‍රීඩා කරලා පෙන්නුවා ශ‍්‍රී ලංකාවට ඇවිත් ක‍්‍රීඩා කළ හැකි බව.
ඉන්දියාවට ගිහින් තරග පහට පහක් ජය ලබන්න අපි බලාපොරොත්තු වුණේ නෑ. මේ තරගාවලියේ පරාජයේ වගකීම ක‍්‍රීඩා ඇමැතිට දෙන්න බෑ. තේරීම් කමිටුව, ක‍්‍රීඩකයන් සහ නායකයා සමඟ සාකච්ඡා කරලයි මේ සංචාරය තීරණය කළේ. සංචාරයකදී දිනන පරදින අවස්ථා තියෙනවා. ඉල්ලන ඉල්ලන සෑම දෙයක්ම ලබාදී ක‍්‍රීඩකයන්ගේ මානසික මට්ටම සකස් කර තිබෙනවා.
මානසික පීඩනය මත යම් යම් දේ කියන්න ක‍්‍රීඩකයන්ට පුළුවන්. ක‍්‍රීඩකයෝ දන්නවා ඒ අයගේ අතපසුවීම. මේ සංචාරයේ පරාජයේ වගකීම තේරීම් කමිටු සභාපතිවරයා ලෙස මම භාරගන්නවා යෑයි අයවැය කාරකසභා අවස්ථාවේ ක‍්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් සනත් ජයසූරිය මහතා කීවේය.

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්