මාලක සිල්වාගේ හිරිහැරයට ලක්වූ සුද්දී මෙන්න.....

පසුගියදා බම්බලපිටියේ රිදම් ඇන්ඞ් බ්ලූස් සමාජ ශාලාවේදී ඇමති මර්වින්ගේ පුත් මාලක සිල්වා විසින් හිරිහැර කරන්නට උත්සාහ කරන ලද බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්තයේ සිට ලංකාවේ සංචාරයකට පැමිණ සිටි බෙලින්ඩා මැගන්සි නමැති 24 හැවිරිදි තරුණිය
ඊයේ අධිකරණයේ පෙනී සිටියා. ඇය හා ඇගේ පෙම්වතා බව කියන ස්කොට් ජාතික ඉංජිනේරුවකු වන ජේම්ස් ප‍්‍රන්සිස් විසින් එදා රාත‍්‍රී සාදය අතරතුර
හිරිහැර කරන්නට ආ අය ඊයේ පෙරෙට්ටුවේදී හඳුනාගත්තා.
සිද්ධිය වූ දිනයේ මාලක සිල්වා ඇතුළු පිරිසක් රාත‍්‍රී 3 ට පමණ එකී සමාජ ශාලාවට පැමිණ එහි සාදයට සහභාගී වෙමින් සිටි තරුණිය ඇගේ පෙම්වතා හා මිතුරා අසළට ගොස් තරුණියව බලෙන් පැත්තකට ඇදගෙන විත් ඇත. පසුව ඇයට අයුතු යෝජනාවක් කර

ඇති බවත් එයට තරුණිය අකමැතිවූ අවස්ථාවේ ඇගේ තොල පැලෙන ලෙස වේගවත් පහර කීපයක් ගසා ඇති බවත් අධිකරණයේදී හෙළි විය.

මෙම අවස්ථාවේ තම පෙම්වතිය වෙනුවෙන් ඉදිරිපත්වූ බි‍්‍රතාන්‍ය ජාතිකයා මාලක වෙත පැමිණ ඔහුට පහරදී ඇත. මාලකගේ නාසයට වැදුණ බරපතල පහර නිසා ඔහු එතැන ඇද වැටී ඇත. මෙම අවස්ථාවේ මාලකගේ ආරක්ෂාවට පැමිණි පිරිස් බි‍්‍රතාන්‍ය යුවළ හා මිතුරාට ප‍්‍රතිප‍්‍රහාර දීමට පටන් ගැනීම නිසා සමාජ ශාලාවේ ඇතිවී තිබෙන්නේ ගාල ගෝට්ටියකි.

විදේශිකයාගේ පහරදීම නිසා මාලකගේ නාසයේ සැත්කමක් පසුදා සිදු කරන්නට වූ බවත් ඔහුගේ නාසයේ කැලල දිගටම පවතින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයේ කරුණු දක්වා තිබුණා.
සිද්ධියෙන් පසු මාලකගේ මිතුරෙකු ඔහුට පහරදීමක් ගැන පොලිසියට පැමිණිලි කළත් සීසීටීවී වාර්තා පදනම් කරගෙන මාලකව මුලින් අත්අඩංගුවට ගන්නට පොලිසිය ක‍්‍රියා කර තිබුණ අතර ඔහුගේ ආරක්ෂකයින් ඒ වනවිට

අතුරුදන්ව සිටියා.

ඔවුන් පසුව පොලිසියට භාරවූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණා.කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධ කරුණු විභාග වෙද්දී අදාළ විදේශික යුවළ නඩු විභාග සඳහා පැමිණෙන්නට මුලදී කැමැත්තක් දක්වා තිබුනේ නැත.
මාලක අත්අඩංගුවට ගෙන ඊයේට දින 27 ක් ගතව තිබුණි.
ඊයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට විදේශිකයින් දෙදෙනා පැමිණ සිටීම නිසා අධිකරණයේ විභාග කටයුතු පහසු විය. සිද්ධියට සම්බන්ධ අය ගැන විභාග කර වැඩිදුර විභාගයට ලබන මස 19 තෙක් කල් තබා මාලක හා ආරක්ෂකයින් ඊයේ ඇප මත මුදා හැරියා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්