ප්ලේන් එකේදී බි‍්‍රතාන්‍ය කතකට ලාංකිකයෙකුගෙන් අතවරයක්

ලංකාවේ පිරිමින් බි‍්‍රතාන්‍යයේ සුදු තරුණියන්ට අතවර කරන්නට දරන උත්සාහයන් ගැන මෑත කාලයේ බොහෝ වාර්තා පළවී ඇත.
තංගල්ල හෝටලයේදී හා බම්බලපිටිය සමාජ ශාලාවකදී පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් ලංකාවට ගෙන ආවේ අපකීර්තියයි.

ලන්ඩන් නුවර සිට ශ‍්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහ කළ ලාංකික පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී
අත්අඩංගුවට ගෙන ඇතැයි ඊයේ වාර්තාවුණා.

ඊයේ(18) පස්වරුවේ ලන්ඩන් නුවර සිට ශ‍්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබු ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී අදාළ සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය පැවසුවා.

අවුරුදු 27 වයසැති බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකට මෙලෙස ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ ලාංකික පුද්ගලයා අවුරුදු 41ක් පමණ වන බවත්, ඔහු ශ‍්‍රී ලංකාවේ උපත ලද මේ වන විට බි‍්‍රතාන්‍යයේ පදිංචි වී සිටින පුද්ගලයෙකු බවත් පොලිසිය පැවසුවා.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට