නාරාහේන්පිට හච් කුළුනේ බැටරි සොරාගත් අය මාට්ටු

පෙරේදා (27) නාරාහේන්පිට පිහිටා තිබෙන හච් දුරකථන සමාගමට අයත්
සම්පේ‍්‍රෂණ කුළුනේ සවිකර තිබු රුපියල් ලක්‍ෂ 04 ක් වටිනා ආරෝපන බැටරි 23 ක්
සොරකම් කිරිමේ සිද්ධියක් වාර්තා වුණා. නාරාහේන්පිට පොලිස් ස්ථානය සිදු කළ විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන්  04 කු අත්අඩංගුවට ගෙන ඇත’ සොරා ගන්නා ලද බැටරි 12 ක් නාරාහේන්පිට හා  බෙරැල්ල ප‍්‍රදේශවල පරණ බඩු මිලට ගන්නා ස්ථාන දෙකකට විකුනා තිබියදි  අත්අඩංගුවට ගෙන ඇත’ සැකකරුවන් වයස අවුරුදු 27” 29” 20, 26 වයස් සීමාවේ පසු වන තලංගම” අබේවෙලවත්ත” බොරගස් සහ වේවැල්කඳුර කලවාන ලිපිනයන් වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් 2014’11’29 වන දින අළුත් කඬේ අංක 03 මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත
ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් සොරාගත් අනෙක් බැටරි සොයා ගැනිම සදහාත්  මෙම සැකකරුවන් වෙනත් අපරාධවලට සම්බන්ධද යන්න ගැනත් පොලිසිය තවත් විමර්ශනය කරනවා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්