මං පනිනවය කියන කතාව කෙප්පයක් - මංගල

තමන් මොනම හේතුවක් නිසාවත් සන්ධාන ආණ්ඩුවට එක් නොවන බව මාතර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතා කියයි. මංගල සමරවීර මහතා ආණ්ඩුව සමග එක්වී ඇමැති ධුරයක් භාර ගැනීමට යන බවට රට පුරා පැතිරී ඇති ආරංචියේ සත්‍යතාව කුමක් දැයි දිනපතා පුවත්පතක් (ලක්බිම) කළ විමසීමකදී ඒ මහතා එසේ පවසා ඇත.

තමන් සන්ධාන ආණ්ඩුවට එක්වීම සඳහා ලබා දෙන ඇමැති ධුරය පිළිබඳව ආණ්ඩුවේ ප‍්‍රබලයන් සමග කේවල් කරමින් සිටින බවට ඇතැම් ජනමාධ්‍ය මගින් ගෙන යන ප‍්‍රචාරයන්ද හෙතෙම තරයේ ප‍්‍රතික්ෂේප කළේය. ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයෙකු තමන් හමුවී සාකච්ඡා කර නැතැයි කී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් ඇමැති ධුරයක් ලබා ගන්නේ ඉදිරි කාලය තුළ පිහිටුවනු ලබන එජාප ආණ්ඩුවක් යටතේ පමණක් බවය.
ඇතැම් ජනමාධ්‍ය මේ දිනවල තමන් පිළිබඳව කිසිදු පදනමක් නැති අභූත ප‍්‍රවෘත්ති පළකිරීමේ අගතිගාමී වැඩපිළිවෙළ දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද මංගල සමරවීර මහතා කියා ඇත.

(නිහාල් ජගත්චන්ද්‍ර - ලක්බිම)