ආධුනික එස්ටීඑෆ් සෙබළාට රැග් දෙන්න ගිහින් කොස්තාපල් වෙඩිකා නසී

දෙණියාය කොටපොළ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ දෙදෙනකු අතර ඇති වූ කථාබහක් අතර වැරදීමකින් සිදු වූ වෙඩි වැදීමකින් විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු මරුමුවට පත් වී ඇත.
පෙරේදා (25) රාත‍්‍රියේ මියගිය කොස්තාපල් සෙබළාත් තවත් සෙබළකුත් බිමත්ව කඳවුර තුළට එමින් සිටි ඇත.
එවිට කඳවුරේ මුරපොළේ සිට ඇත්තේ 69 වැනි බඳවා ගැනීම් කණ්ඩායමට ආ ආෂුනික සෙබළෙකි. ඔහු 69 වන විශේෂ කාර්ය බලකා සටන් පුහුණුව හදාරා සිටි අයෙකු වන අතර ? 8-10 අතර රාජකාරියේ යෙදී ඇත.

පසුව බිමත් සෙබළු දෙදෙනා එම සෙබළා සමීපයට විත් නවකයාට වදයක් දෙමින් ඔහුට උසුළු විසුළු කර ඇත.
එස්ටීඑෆ් එකේ අයට කථා කරන විදි කියපන් බලන්න.. වරෙක ඔහුගෙන් මේ කොස්තාපල් වරයා අසා ඇත. ඔහු එයට පිළිතුරු දුන් පසු මියගිය සෙබළා නවක සෙබළාගේ ගිනිඅවිය උදුරා යකෝ තෝ දන්නවද වෙඩි තියන විදිහ. දන්නවද මේකේ කෑලි යනුවෙන් විමසා ඇත.

ඔහු ඒවා එකින් එක විස්තර කර ඇත. පසුව කියපන් බලන්න දන්නවද ‘හෙඞ් ෂොට්’ එක. යනුවෙන් බීමත්ව සිටි කොස්තාපල්වරයා නැවත ඔහු උසිගන්වා ඇත. ඔව් ඔව් මං දන්නවා.. ආ පත්තු කරල පෙන්නපන් බලන්න.. ඔහු කියා ඇත. ඒ අවස්ථාවේ අත්වැරදීමකතින් එම ගිනි අවිය පත්තු වී පපුවට වැදී ඇත. ඔහු ඒ අවස්ථාවේම එම ස්ථානයේදීම මියගොස් තිබේ.

පෙරේදා (25 වැනිදා* රාත‍්‍රි 9.00 ට පමණ සිදු වූ මෙම වෙඩි වැදීමෙන් මරුමුවට පත්ව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ 24 හැවිරිදි (82874* රත්නායක නමැති කොස්තාපල්වරයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම වෙඩි වැදීම අත්වැරැද්දකින් සිදු වූයේ ද, එසේත් නැත්නම් අනෙක් නිලධාරියා විසින් කළේද යන්න මෙතෙක් පැහැදිලිවම අනාවරණය වී නොමැත.
ඔහු සමග සිටි මිතුරාද රෝහල් ගත කර ඇති අතර ඔහු පවසා ඇත්තේ අධික මත්පැන් මත හේතුවෙන් වූ සිද්ධිය මතක නැති බවයි. එසේම නවක සෙබළා පවසා ඇත්තේ තමන් සන්තකයේ තිබූ ගිනිඅවිය කිසිදු මොහොතක පත්තුවීම සඳහා සූදානම් කර නොතිබුණු බවයි. දෙණියාය පොලිසිය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්