ජයවර්ධනපුර රෝහලේ ගින්නක්

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ඖෂධහල තුළ අද උදෑසන ගින්නක් හට ගෙන ඇත.
මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබේ.

ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බව රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.