ටී.ඞී.කේ. ජයන්ත ගුවන් විදුලියේ නව අධ්‍යක්ෂ ජනරාල්

ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී ටී.ඞී.කේ. ඒ. ජයන්ත මහතා ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පත් කර ඇත. ඒ මහතා අද (24) එම තනතුරේ වැඩ භාරගනී.
විද්‍යා, ගණිත ගුරුවරයකු ලස වෘත්තීය ජීවිතය ඇරඹූ ජයන්ත මහතා 80 දශකයේදී ළමා වැඩසටහන් හා නාට්‍ය ශිල්පියෙකු ලෙස ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් විය. 1983 වසරේ දී සහන නිවේදකයකු ලෙස නිවේදන ක්ෂේත‍්‍රයට එක් වූ ඒ මහතා වසර 2000දී ස්ථිර නිවේදක තනතුරට පත් විය. ඉන් අනතුරුව වෙළෙඳ සේවා පාලක, සිටී. එෆ්.එම්. අතිරේක අධ්‍යක්ෂ, විදුල ළමා ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ප‍්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අධ්‍යක්ෂ සිංහල සේවා අධ්‍යක්ෂ ධුර දැරූ ඒ මහතා 2009 දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් විය.

හඳුගල මහා විද්‍යාලය, වරාපිටිය මහා විද්‍යාලය, වලස්මුල්ල මධ්‍ය මහා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙන ආදී විද්‍යාලවල ආදී ශිෂ්‍යයකු වූ ජයන්ත මහතා ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන සුවිසල් කාර්ය භාරයක් ඉටු කළ පුද්ගලයෙකි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්