ෆ‍්‍රිජ් එකේ තිබූ රත්තරන් ඉස්සූ අසල්වැසියාව බල්ලා අල්ලලා

දිවා කාලයේ නිවැසියන් නොසිටි මොහොතක නිවස බිඳ ශීතකරණයේ සඟවා තිබූ රුපියල් පන්ලක්ෂ දසදහසක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන ඇත්තේ නිවස ආසන්නයේ පදිංචි අයකු බව හෙළිවිණැයි පොලිසිය පවසයි.
බේරුවල මාගල්කන්දේ පදිංචි ත‍්‍රිරෝද රථ
රියෑදුරකුගේ නිවස මෙසේ බිඳ ඇත. පොලිස් සුනඛයකු යොදාගෙන පරීක්ෂණ මෙහෙයවා සැකකරු පිළිබඳව අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.
සැකකරු දැන් ප‍්‍රදේශයෙන් පළාගොස් ඇත.
සැකකරු අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය පවසයි. කළුතර සහකාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද රාජපක්ෂ, පොලිස් පරීක්ෂක ප‍්‍රියංකර, කොස්තාපල් (75608*, හේරත් යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

විජයසිරි විද්‍යාසේකර - කළුතර

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට