ලංකාවේ උපන් මැලේසියානු නිළියක් MH 17 යානයේදී මියගිහින්



මෑතකදී මිසයිල ප‍්‍රහාරයකින් යුක්රේන අහසේදී විනාශවූ එම්එච් 17 මැලේසියානු ගුවන් යානයේ ලංකාවේ උපත ලද මැලේසියානු නිළියකද සිය සැමියා හා දියණිය සමග මරණයට පත්වූ බව වාර්තාවනවා.

සුභාෂිනි ජෙයරත්නම් නමැති 38 හැවිරිදි ඇය ලංකාවෙන් මැලේසියාවට සංක‍්‍රමණය වූ අයෙකි. ඇය මැලේසියාවේ පුරවැසිභාවය ලබා සිටි අතර රූපවාහිනී නිවේදිකාවක ලෙසත් නර්තනවේදිනියක හා නිළියක ලෙසත්

ප‍්‍රකටව සිට ඇත. ඇය විවාහවී ඇත්තේ නෙදර්ලන්ත ජාතිකයෙකු සමගය. ඔවුන්ගේ දියණියට අවුරුද්දයි මාස 9 කි.
සුභාෂිනි ඇගේ උපන්දිනය පවුලේ අය සමග සමරන්නට සැමියාගේ නෙදර්ලන්ත නිවසට ගොස් නැවත මැලේසියාවට පියාසර කරමින් සිටියදී ඇය මේ අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත.
මියයන්නට දින දෙකකට පෙර එම තිදෙනා උපන්දින උත්සවය අතරදී ලබාගත් ඡායාරූපයක් පහත පළවෙයි.








Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්