මෙන්න කැබ් එක - අනුරට දැන් සනීපයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28 දා) දහවල් රත්නපුරදී හදිසි අනතුරකට ලක්ව මුලින් රත්නපුර මහ රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
අනුර කුමාර මන්ත‍්‍රීවරයා ගමන් කළ කැබ් රිය රත්නපුර කිරිඇල්ල ප‍්‍රදේශයේදී ටිපර් රථයක හැපී තිබුණා. එම අවස්ථාවේ රියදුරාට අමතරව දිසානායක මහතා සමග තවත් අයෙකු කැබ් රථයේ සිට ඇත.

අනුර කුමාර දිසානායක මහතාගේ පපුව ප‍්‍රදේශයේ තැල්මක් සිදුව ඇති අතර රියදුරුට තුවාල සිදුවී නැත. කැබ් රියේ ගමන් කළ අනෙක් තැනැත්තාගේ මුහුණට සුළු තුවාලයක් වී තිබේ.
අනුර කුමාර දිසානායක මහතා සහ අනෙක් පුද්ගලයා අනතුර වූ අවස්ථාවේදී රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඉන්පසුඅනුර කුමාර මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට කටයුතු කළ රත්නපුර රෝහල් බලධාරීන් අනෙක් පුද්ගලයාට ප‍්‍රතිකාර ලබාදී පිටත්කර ඇත.
ටිපර් රථයේ ගැටීම නිසා අනුර කුමාර දිසානායක මහතා ගමන්කළ කැබ් රථයට දැඩි හානි සිදුව ඇත. රත්නපුර පොලිසිය මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්