නිට්ටඹුව රත්තරන් බඩු සාප්පුව කොල්ලකන්න ආ හෙල්මට්කරුවන්ට හිමිකරු ඇතුළු පිරිස දුන් ගේම CCTV


පසුගිය කාලය පුරා අපට දක්නට ලැබුනේ ස්වර්ණාභරණ සාප්පු කොල්ල කන්නට එන සොරුන් පුද්ගලයින් බිය කර සොරකම් කර පළායන ආකාරයයි. නමුත් නිට්ටඹුවේ ස්වර්ණාභරණ සාප්පුවක් පෙරේදා සවස කොල්ලකන්නට ආ හොරුන් පිරිසට එහි හිමිකරු සේවකයින් හා අවට පිරිස් ඉගැන්නුවේ මතක හිටින පාඩමකි
සොරුන් පිරිස සාප්පුව කොල්ලකද්දී ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ක‍්‍රියාකළ එහි හිමිකරු සාප්පුවේ පසුපස හා ඉදිරිපස දොරවල් වසාදැමීමට
පියවර ගත් නිසා සොරුන් සාප්පුව ඇතුළේ කොටුකරගන්නට හැකිවුණා. මේ අතරවාරයේ ඇතුළේ සිටි සේවකයින් නොබියව සොරුන්ට පහරදී ඔවුන් අඩපණ කළා.
පසුව අවට පිරිස සමග සාප්පුව වටකරගත් හිමිකරු සොරුන්ට එළව එළවා පහරදී දෙන්නෙකු අල්ලා පොලිසියට භාර දුන්නා.
මෙම සිද්ධිය නිසා සොරුන්ට කිසිදෙයක් සොරකම් කරගන්නට බැරිව ගිය අතර අවසානයේ පහරකෑම් තුවාල සහිතව පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුවුණා
නාටකීය ආකාරයට සිදුවූ මුළු සිදුවීමම සීසීටීවී කැමරා ගණනාවක් ඔස්සේ පටිගතව තිබුණා එය පහත වීඩියෝවෙන් බලන්න

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්