මංකොල්ලකරුවාට වැඩ පෙන්නූ ලාංකික සටන් ශූරයාට ඇමරිකාවෙන් ප‍්‍රශංසා CCTV
ශ‍්‍රී ලාංකික බොක්ෂිං ශූරයෙකු ඇමරිකාවේ හූස්ටන්හිදී මකොල්ලයක් සිදුවන අවස්ථාවක මැද්දට පැන බේරාගැනීමේ සිද්ධියක් නිසා එරට ප‍්‍රවෘත්ති නාලිකාවන්හි ප‍්‍රශංසාත්මක ඇගයුමට ලක්ව තිබෙනවා.
පසුගිය 10 වනදා ඇමරිකාවේ හූස්ටන්හි සවුත්වේ සයිඞ්හි පිහිටි වෙළෙඳසැලක කැෂියර් කූඩුවේ මයුර දිසානායක නමැති මෙම ලාංකිකයා සිටි වේලාවක එම වෙළෙඳසැලට වාහනයකින් බැංකුවට ගොස් පැමිණි සහායකයා වාහනයෙන් බසිනවාත් සමග
මංකොල්ලකරුවන් දෙදෙනෙකුු පැන සහායකයාට පහරදෙමින් ඔහුගේ මුදල් සහිත බෑගය උදුරාගන්නට උත්සාහ කර තිබුණා.
එම අවස්ථාවේ වහාම ක‍්‍රියාත්මකවූ ශ‍්‍රීලාංකික සටන්ශූරයා මංකොල්ලකරුවන්ට පහරදී සොරකම ව්‍යර්ථ කරනු ලබනවා. එක් කොල්ලකරුවෙකු ඔවුන් පැමිණි සුව් රථයෙන් පළායන අතර ලාංකිකයාගෙන් පහරකෑ අනෙකා බිම ඇදවැටී අසරණ වෙනවා. පසුව මෙම පුද්ගලයාව පොලිසියට භාරදෙන්නට ඔවුන් කටයුතු කළා.
මයුර දිසානායක එම්එම්ඒ හෙවත් මිශ‍්‍ර මාෂල් ආර්ට්ස් සටන් කාමියෙකි. බොක්ෂිං ක‍්‍රීඩාවෙහි දිගුවක් වන මෙම සටන් ක‍්‍රමය ආකාර ගණනාවකින් පහරදිය හැකි ලිහිල් නීති ඇති සටන් ක‍්‍රමයකි. ඔහු ඇමරිකාවට ගොස් මෙම සටන් පුහුණුව ලබන අතර පුහුණු කරුවෙකුගේ සහයද ඇතිව සුපර් ෆයිට් ලීගය වෙනුවෙන්ද ඔහු සටන්වදී. වසර 10ක පමණ සටන් අත්දැකීම් ඇති ඔහු ලංකාවේදී හඳුන්වන්නේ ‘ටොප් ගන්’ නමැති අන්වර්ථ නමෙනි.
ඇමරිකාවේ සිටින අතරවාරයේ ගෑස් ස්ටේෂන් එකක් හා අනුබද්ධ වෙළෙඳසැලක ස්ටෝර් ක්ලාර්ක් කෙනෙකු ලෙස ඔහු සේවය කරයි. මේ සිද්ධිය සිදුව ඇත්තේ එසේ කටයුතු කරන අතරයි.
මෙම සිද්ධියේ සීසීටීවී දර්ශන ඇමරිකානු රූපවාහිනී නාලිකාවන්හි විකාශය කර තිබුණ අතර ඔහුගේ සටන්කාමීත්වය හා අවස්ථානෝචිතව ක‍්‍රියාකිරීම ඇගයුමට භාජනයකර තිබුණා. ලංකාවේ ඔහු සහභාගීවූ බොක්ෂිං තරගයක කොටසක්ද සීඑස්එන් නාලිකාව උපුටා දක්වමින් එම පුවත් වාර්තාවේදී ඇමරිකානු නාලිකා මගින් ප‍්‍රචාරය කර තිබුණා.
මයුරගේ පහරකෑමට ලක්ව පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ මංකොල්ලකරු 33 හැවිරිදි ඔඩෙලි මැතිස් නමැත්තෙකු බවද ඔහු මෙවැනි සොරකම් පිළිබඳ නම්දැරූ අයෙකු බවද එරට පොලිසිය වාර්තා කළා.
මෙම සිද්ධියේ සීසීටීවී වීඩියෝවද ඇතුළත් ඇමරිකානු රූපවාහිනී වීඩියෝව පහතින්

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaiHC4Y-har4HtJS94_VxbsnMo0a8YFtf0AkvKAN3tXinGaHJP70Nb9t9lcb6u8F9ltDHcHv31_EXsiSS0jdVREghC1ShIrCP_LVT-oYsI_W37GOafrTLO92e7SDGeEijrspAmk4t5vM4/s1600/mayura2.jpg)