යානයේ මැරුණු අය 298යි වැඩිම පිරිස ඕස්ටේ‍්‍රලියාවට යනගමන්

ඊයේ යුක්රේනයේදී අනතුරටපත් මැලේසියානු එම්එච් 17 ගුවන් යානයේ සිටි වැඩිම පිරිස  ඕස්ටේ‍්‍රලියාවට ගමන් කළ අය බව වාර්තා වුණා.
නෙදර්ලන්ත ජාතිකයින් (173) වූ අතර දෙවැනි වැඩිම පිරිස
මැලේසියානුවන්(43) හා තෙවැනිව
 ඕස්ටේ‍්‍රලියානු ජාතිකයින් (27) බව දැන් හඳුනාගෙන ඇත.
නෙදර්ලන්තයේ සිට  ඕස්ටේ‍්‍රලියාවට සෘජුව ගමන් කරන්නට පහසු නොවන නිසා මෙම යානය මගින් මැලේසියාවට ගොස් නැවත තවත් යානයකින්  ඕස්ටේ‍්‍රලියාවට යාමට ඔවුන් වැඩි පිරිස ගමන් කර තිබී ඇත.
ඊයේ අනතුර සිදුවන අවස්ථාවේ මියගිය ගණන 295 ක් ලෙස වාර්තා කර තිබුණත් පසුව නිල වාර්තා සඳහන් කළේ දරුවන් 3 දෙනෙකු එම ගණනට අයත් නොකර තිබූ නිසා මියගිය ගණන 298 ක් බවයි. ඒ පිරිසට මගීන් 283 ක් හා කාර්ය මණ්ඩලයේ 15ක් ඇතුළත්ය.
මියගිය අය ජාතිකත්වය අනුව පහත පරිදිය.
. Netherlands     173
 Australia     27
 Malaysia     43
 Unconfirmed     19
 Indonesia     12
 United Kingdom 9
 Belgium     4
 Germany     4
 Philippines     3
 Hong Kong     1
 Canada     1
 New Zealand     1
 South Africa     1

Total     298
 

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි