දරුවන් කැත වුණාට සැමියා බිරියට නඩු දමා දිනලා

තම ලෙයින් උපදින දරුවන් කවර ආකාරයේ වුවත් භාරගන්නට මව්පියන් සූදානම්ය. නමුත් චීනයේ ජුවාන් ෆෙන්ග් නමැත්තෙකු තම බිරිය තමාට ලබා දුන් දරුවන් අසාමාන්‍ය ලෙස අවලස්සණ වීමට එරෙහිව නඩුමගට එළැඹියා.
ඒ අනියම් ඇසුරක හුටපටයක් නිසා නොවේ. ප්ලාස්ටික් සැත්කමක් නිසා වූ අලකලංචියකි.



මෙයට හේතු වූයේ මෙම පුද්ගලයා විවාහ වූ කාන්තාව විවාහයට පෙර අවලස්සණව සිටියදී ප්ලාස්ටික් සැත්කමකින් පසු අලංකාර පෙනුමකට පත්වීමත් එය වසන් කරගෙන ඔහු හා විවාහ විමත්ය. මොවුන් දරුවන්ද ලද පසු කිසියම් හේතුවක් නිසා දික්කසාදවූ අතර පසු කලෙක ඔහු දැනගෙන ඇත්තේ ඇය පෙනී සිටින්නේ ඇගේ සැබෑ පෙනුමින් නොව ප්ලාස්ටික් මුහුණකින් බවය.
ඔහු ඇයට පැවරූ දික්කසාද නඩුවට අමතරව තමාට සැබෑ රුව වසන් කර විවාහවී කැත දරුවන් ලබාදුන්නැයි දෙවන නඩුවද ගොනු කළේ මේ නිසාය.
චීනයෙන් වාර්තාවන්නේ එම නඩුවෙන් ජුවාන් ෆෙන්ග් ජයග‍්‍රහණය කළ බවයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්