සිනා කතා නිසා කථානායකගෙන් රෝසිට අවවාද
සභාවේ කටයුවලට බාධා වන අයුරින් සෙසු මන්ත‍්‍රීවරුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටි එජාප මන්ත‍්‍රීනී රෝසි සේනානායක මහත්මියට කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී අවවාද කළේය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්නයක්
යොමුකර තිබූ අතර කථානායකවරයා ඒ අනුව සේනසිංහ
මන්ත‍්‍රීවරයාගේ නම කතා කළේය.
එහෙත් මන්ත‍්‍රීවරයාට එය නොඇසුණේ සේනානායක මන්ත‍්‍රීවරිය සමග සතුටු සාමීචියේ යෙදී සිටීම හේතුවෙනි.කීප වරක් කථානායකවරයා සේනසිංහ මන්ත‍්‍රීවරයාගේ නම සඳහන් කළ ද මන්ත‍්‍රීවරයාට එය නෑසුණි.
ගරු රෝසි සේනානායක මන්ත‍්‍රීතුමිය මං ගාවට කිට්ටුවෙන් ඉඳගන්නවා නම් හොඳයි. නැත්නම් මොකුත් ඇහෙන්නෙ නෑ. කතාව වැඩියි.” කථානායකවරයා සේනානායක මන්ත‍්‍රීවරියට කීවේය.මේ අවස්ථාවේ දැඩි ලෙස කලබල වූ මන්ත‍්‍රීවරිය ඉන් පසු කිසිදු මන්ත‍්‍රීවරයකු සමග කතා නොකර සභා කටයුතුවලට සවන් දුන්නාය.
දයා සෝමසිරි/රුචිර දිලාන් මධුසංක