කොලොන්නාවෙ හිමියන්ගේ අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තුවට

 ගම්පහ පළාත් බද මහාධිකරණය විසින් ඉකුත් 18 වැනිදා කොළොන්නාවේ සුමංගල හිමියන් විසින් රඳවාගනු ලැබ සිටින අලි පැටවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝග කරන ලදී.

නියෝගය නිකුත් වීමත් සමග අලි පැටවා සැගවීමට සැලසුමක් ක‍්‍රියාත්මක වන බවට ලද තොරතුරක් මත වනජීවී හදිසි වැටලීම් ඒකකය ක්ෂණිකව ක‍්‍රියාත්මක විය.එම ඒකකයේ නිලධාරින් සුමංගල හිමියන් වැඩවසන දෙව්රම් වෙහෙර කරා ළගා වෙන විට අලි පැටවා විහාරස්ථානයෙන් බැහැර අතුරු මාර්ගයක මීටර් 100ක දුරක් රැුගෙන ගොස් තිබුණි. එහිදී පශු වෛද්‍යවරුන් පැටවාව පරීක්ෂා කර හඳුනා ගැනීමෙන් පසු වනජීවී
දෙපාර්තමේන්තු භාරයට ගන්නා ලදී.


එහිදී එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරින්ටත්, මාධ්‍යවේදීන්ටත් විහාරස්ථානය දෙසින් ගල් ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. ඒ ප‍්‍රහාර එල්ල කර තිබුණේ විහාරස්ථානයේ ගේට්ටුව ආසන්නයේ සිටි පිරිසකගෙනි.එම ගල් ප‍්‍රහාරයෙන් මාධ්‍යවේදියකුවූ උදේනි චන්ද‍්‍රසිරි මහතා තුවාල ලැබූ අතර ඔහුව ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී ඔහුගේ හිසට මැහුම් 14ක් දමා තිබේ.

ගල් ප‍්‍රහාරය එල්ල කළ බවට සැකකරන අයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.එම තැනැත්තා විහරස්ථාන භූමිය තුළ වෙළෙඳසලක් පවත්වා ගෙන යන අයෙකු බව මහරගම පොලිසිය පවසයි.වනජීවී අධ්‍යක්ෂ සෞම්‍ය තාරක ප‍්‍රසාද්, නියෝජ්‍ය අධ්‍යක්ෂ විජිත පෙරේරා, ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය සුහද ජයවර්ධන යන නිලධාරින් විසින් අලි පැටවා පරික්ෂා කරන ලදී.
සපුමල් ජයසේන / ගාමිණී සරත් ගුණවර්ධන

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්