තායිවානයේ ගුවන් අනතුරකින් 47 ක් මරුට

 අද (23) සවස තායිවානයේ පෙන්ගු දූපතේ මැගොන්ග් ගුවන් තොටුපළේ සිදුවූ ගුවන් අනතුරකින් 47 දෙනෙකු මරුමුවට පත්වී තිබෙනවා. ඇතිවූ කාර්මික දෝෂයක් නිසා මෙම ගුවන් යානය හදිසි ගොඩබැස්සීමට විධාන දෙකක් ලැබුණ බවත් ඒ අනුව නියමුවන් කලබලයට පත්වී එම ගොඩබැස්සීම හරියාකාරව සිදු කරගන්නට බැරිව

මෙම අනතුර සිදුකරගෙන ඇති බවත් වාර්තා වුණා. ගුවන් තොටුපළ යාබද නිවාස දෙකකටද අලාභහානි සිදු කරගෙන මෙම යානය කඩාපාත්වී ගිනිගෙන විනාශවූ බව එරට දේශීය රූපවාහිනී නාලිකා වාර්තා කර තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාව වනවිට යානයේ 58 දෙනෙකු ගමන් කළ බවත් ඉන් 47 දෙනෙකු මරණයට පත්වූ බව මේ වනවිට තහවුරු කර තිබෙනවා. සිද්ධියෙන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර කිහිපදෙනෙකු තවමත් අතුරුදන්ය.

තායිවානයට අයත් ට‍්‍රාන්ස් ඒෂියා ගුවන් සේවයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගන්නා යානාවක් වූ මෙහි ගමන් කළ සියලූ දෙනා තායිවාන වැසියන් බවට සැලකෙන අතර අනතුරට පත්වන අවස්ථාවේ තායිවානයේ තායිපේ නුවර සිට එරට පෙන්ගු දූපතේ මැගොන්ග් වෙත ගමන් කර තිබුණා.
මැගොන්ග් ගුවන් තොටුපළ එතරම් කාර්ය බහුල එකක් නොවන බවත් දවසකට සාමාන්‍යයෙන් ගුවන් යානා 2 ක් පමණ ගොඩබස්වන සාමාන්‍ය ගුවන් තොටුපළක් බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිස 47 ක් බව දැනට ප‍්‍රකාශ කරත් ඒ ගණන 51 දක්වා ඉහළ යාහැකි බවද බලධාරීන් ප‍්‍රකාශ කර ඇත.
සිද්ධිය සම්බන්ධව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත්ව ඇති ඡුායාරූප කිහිපයක් පහතින්


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්