ජනපති වෙඩින් එකින් ගිය පසු හෝටලේ ගිනිගනී

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) උදේ අලූත්ගම ඊඩින් හෝටලයේ පැවැති විවාහ මංගල්‍යයකට සහභාගි වී පිටව ගිය පසු එම හෝටල් පරිශ‍්‍රයේ පිහිටි තවත් ගොඩනැගිල්ලක සිව් වන මහලේ කාමරයක සුළු ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර එය විදුලි කාන්දුවක් හේතුවෙන් වූවක්ද යන්න සැක කරයි.

අලූත්ගම තරුපහේ සංචාරක හෝටලයක් වන ඊඞ්න් හෝටලයේ එක් ගොඩනැඟිල්ලක හතරවැනි මහලේ කාමරයක මේ හදිසි ගන්න හටගත්තා.
ගිනි නිවන හමුදා භටයෝ වහා ක‍්‍රියාත්මක වී එම ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුණා.
මෙම හෝටල් සංකීර්ණයේ පැවති මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප‍්‍රභූවරුන් රැුසක් එම හෝටල සංකීර්ණයෙන් ඉවත්වූ පසු මේ ගින්න වාර්තාවීම විශේෂිතය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි