තංගල්ල සභාපතිව කැප්එකින් වැසූ නිලධාරීන් ගැන පරීක්ෂණ

තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිරදඬුවම් නියමවීමෙන් පසු ඔහු අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරියකු තම හිස් වැස්ම ගලවා කැමරා ග‍්‍රහණයෙන් එම සිරකරු බේරා ගැනීමට ක‍්‍රියා කිරීම පිළිබඳව බන්ධනාගාර මූලස්ථානය ඊයේ (20 දා) පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එක් බන්ධනාගාර නිලධාරියකු පමණක් නොව එදින අධිකරණයට වාර්තා කළ


බන්ධනාගාර නිලධාරීන් පස්දෙනාම මාධ්‍ය කැමරාවලින් සභාපතිවරයා බේරා ගැනීමට තැත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සී. පල්ලේගම මහතා පැවැසීය.

මෙවැනි සිද්ධියකදී මාධ්‍ය කැමරාවලින් සිරකරුවන් බේරා ගැනීමට ක‍්‍රියා කිරීම බරපතළ වරදක් බවද මෙම බන්ධනාගාර නිලධාරීන් පස් දෙනා සඳහා පරික්ෂණයක් ආරම්භ කළ බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

මාධ්‍යයේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව යටතේ මෙම නිලධාරීන්ට විනය පරීක්ෂණ පවත්වන බවද හෙතෙම පැවැසීය.

තංගල්ල සභාපතිවරයා දැන් මිනීමැරුම් චෝදනා යටතේ සිරදඬුවම් නියමවූ සිරකරුවකු බවත් ඔහු වෙනුවෙන් බන්ධනාගාරයේ විශේෂ සැලකිලි නැති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

නෝමන් පළිහවඩන

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්