වෙරලේ අඹුසැමියන් ලෙස හැසිරුන යුවල අත්අඩංගුවට



ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වෙරළ තීරයේ මහජනයා ගැවසුණ කුඩා ළමුන් සෙල්ලම් කරමින් සිටි ස්ථානයක ප‍්‍රසිද්ධියේ අඹුසැමියන් ලෙස හැසිරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මුහුදේ පිහිනන්නට පැමිණ සිට මේ දෙදෙනා බොහෝ වේලාවක් අව්ව තපිමින් නිසොල්මනේ සිටි බවත් පසුව අවට අය ගැන කිසිදු හැගීමක් නැතිව
මිනිත්තු 25 ක් පමණ වේලාවක් ලිංගිකව හැසිරුණ
බවත් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ වැඩිහිටි කාන්තාවක ප‍්‍රකාශ කළා. ඇය මෙම සිද්ධිය දුරකථන කැමරාවෙන් වීඩියෝවට නැගූ අතර පොලිසියට දන්වා ඔවුන් පැමිණි පසු වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කර තිබුණා. සිද්ධිය ඇසින් දුටු 4 හැවිරිදි දැරියකද පොලිසියට සාක්ෂි සැපයුවා.
තමා වසර ගණනාවක් තිස්සේ මෙම වෙරළ තීරයට එන නමුත් මෙවැනි සිද්ධියක් ඇස ගැටුණ ප‍්‍රථම වතාව මෙය බවත් කුඩා ළමුන් ඉදිරියේ මේ ආකාරයට හැසිරීම තිරිසන් ක‍්‍රියාවක් බවත් වැඩිහිටි කාන්තාව ප‍්‍රකාශ කළා.
මෙම අශෝභන ක‍්‍රියාව නිසා අත්අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි ජොසේ කැබලෙරෝ නමැති කායවර්ධන උපදේශකයෙකු හා ඔහුගේ පෙම්වතිය බව කියන 20 හැවිරිදි එලිසා ඇල්වරෙස්ය. කැබලෙරෝ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට පසුගිය කාලයේ සිරගතව සිට නිදහස ලැබූ අයෙකු බවද මාධ්‍ය වාර්තා දක්වනවා. ප‍්‍රසිද්ධියේ අශෝභනව හැසිරීම යන චෝදනාව යටතේ මොවුන් දෙදෙන අගොස්තු මස උසාවියට කැඳවන්නට නියමිත බවද ෆ්ලොරිඩා පොලිසිය දන්වා සිටිනවා.

සිද්ධිය සම්බන්ධව විදෙස් මාධ්‍ය වල පළවූ වීඩියෝ වාර්තාවක් පහතින්





Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්