මිසයිල ප‍්‍රහාරයක් නිසා මැලේසියානු ගුවන් යානයක් මගීන් 295 ක් සමග යුක්රේනයේදී කඩා වැටේ

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩ‍්‍රෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබුණ මැලේසියාවට අයත් මගී ගුවන් යානයක් මින් ටික වේලාවකට පෙර නැගෙනහිර යුක්රේනයේ රුසියානු බෝඩරයට යාබද ප‍්‍රදේශයකදී අනතුරට ලක්ව තිබෙනවා.
විදෙස් වාර්තා දක්වන පරිදි අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 295 ක් සිට ඇත.
යුක්රේනය මතදී මීටර් 10000 ක් ඉහළ අහසේදී එම් එච් 17 නමැති බොයිං 777 වර්ගයේ මෙම මැලේසියානු යානයේ සම්බන්ධතා විසන්ධිවූ බව මැලේසියානු බලධාරීන් මේ වනවිට තහවුරු කර
තිබෙනවා. මේ අතර සිද්ධිය ඇසින් දුටු ඒපී පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු මෙම අනතුර මිසයිල ප‍්‍රහාරයකින්
සිදුවූ විනාශයක් ලෙස වාර්තා කර ඇති අතර යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු ඇමති උපදේශකයෙකු සිය ෆේස්

බුක් පිටුවෙන්ද තහවුරු කර ඇත්තේ මෙය බක් ලෝන්චරයකින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් සිදුවූ විනාශයක් බවයි. යුක්රේන හමුදා සහ රුසියානු කැරළිකරුවන් අතර කාලයක් තිස්සේ පවතින යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම මිසයිලය එල්ල කර ඇති බවද වාර්තා වනවා. රාසියානු බෙදුම්වාදී කැරළිකරුවන්ට මෙවැනි ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව පවතින බවත් බක් ලෝන්චරයෙන් මීටර 22000 ක ඉහළ ඉලක්කයකට වුවත් මිසයිල් ප‍්‍රහාර දියත් කළ හැකි බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.
ප‍්‍රහාරයෙන් පසු යානය යුක්රේනයේ රුසියානු බෝඩරයේ සිට කිලෝමීටර 40 ක් පමණ රට අභ්‍යන්තරයට වූ සක්ටෙකස්හි ටෙරස් ප‍්‍රදේශයට ගිනිබත්වී කඩාවැටී ඇත. ප‍්‍රහාරයෙන් කිසියවකුට දිවිගලවාගන්නට බැරිවූ අතර මගීන් 280 ක් සහ කාර්ය මණ්ඩලයේ 15ක් ලෙස 295 දෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
දැනට නිකුත්ව තිබෙන සිද්ධියේ ඡුායාරූප දෙකක් පහතින්


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්