මගීන් 116 ක් සමග ඇල්ජීරියානු ගුවන් යානයකුත් අතුරුදන් මාලි කැරලි කරුවන්ගේ ප‍්‍රහාරයට ලක්වුණ බවට සැකයක්
අසාමාන්‍ය ලෙස ගුවන් යානා අතුරුදන්වීම් හා විනාශවීම් පිළිබඳ තොරතුරු මේ දිනවල එකදිගට වාර්තාවන අතර අද ඇල්ජීරියානු ගුවන් යානයක් මගීන් 116 ක් සමග අතුරුදන්වූ බව වාර්තා වී තිබෙනවා.
බටහිර අප‍්‍රිකාවේ බර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිට ඇල්ජීරියාව වෙත ගමන් කරමින් තිබුණ ඒඑච් 5017 නමැති මෙම ගුවන් යානය බර්කිනාහි ඔර්ගඩොගු ගුවන් තොටුපළෙන් පිටත්ව මිනිත්තු 50 කට පසු සංඥා නිකුත් කිරීම නතරවූ බවත් එයට සිද්ධවූ දේ සොයාගන්නට බැරිව ගිය බවත් වාර්තා වුණා.
මෙම යානය යුක්රේනයේ සිදුවූ ආකාරයට අප‍්‍රිකානු මාලි කැරලිකරුවන් විසින් මිසයිල් ප‍්‍රහාරයකින් බිම දමන්නට ඇති බවට මේ වනවිට ප‍්‍රංශයේ පුවත් සේවා අතර කටකතාවක් පැතිර තිබෙනවා.
මෙම යානයේ මගීන් 110 ක් හා කාර්ය මණ්ඩලය 06 ක් සිට ඇති අතර වැඩි දෙනෙකු ඇල්ජීරියානු ජාතිකයින් බවද පැවසුණා.
ගුවන් යානා පිළිබඳ මෑත කාලයේ මැලේසියානු යානා දෙකක් හා තායිවාන යානාවක් පිළිබඳ නරක ආරංචි වාර්තාවීමෙන් පසු මේ වාර්තාවී ඇත්තේ 04 වන සිද්ධියයි.