නිට්ටඹුවේ වැරදුණ රන් කොල්ලයට ආවේ නවකයො නෙමේලූ
නිට්ටඹුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසල කොල්ලකෑමට පැමිණ පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා ද පොලසිය මගින් පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
වෙළෙඳසැල කොල්ලකෑමට පැමිණි සිව් දෙනාගෙන් දෙදෙනකු වෙළෙඳසැල් හිමියන් හා අවට පිරිස් එක්ව 24 වැනිදාම පහරදී, අල්ලා පොලිසියට බාරදී තිබිණි.
ඒ අනුව මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයෝ සිව් දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.
මින් එක් සැකකරුවකු පස්යාල, කටුලන්දවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබු විදේශීය රටක නිෂ්පාදනය කළ එන්. එෆ්.ජී.
වර්ගයේ අත්බෝම්බයක් ද පොලිසියට සොයා ගැනීමට හැකිවී ඇත. මොහු ගම්පහ පොලිස් බල ප‍්‍රදේශයේ අපරාධ හතරකට හසුව බන්ධනාගාර ගතවූ අයකු බවත්, හෙරොයින් ජාවාරමට සම්බන්ධ අයකු බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අනෙක් සැකකරු හලාවත, මුගුණුවටුන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ද 2009 වර්ෂයේ පුත්තලම නරගයේදී රන්මාලයක් කොල්ලකෑමේ සිද්ධියට බන්ධනාගාරගතවූ අයෙකි.
කොල්ලකෑමට පැමිණි සිව් දෙනා බන්ධනාගාරයේ දී මිත‍්‍රවී නිදහස්ව පැමිණ මෙම කොල්ලය සැළසුම් කර ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
නිට්ටඹුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් වීරසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ශිරාන් රණසිංහ