වරාපිටිය වලව්වේ ඝාතනය දේශපාලන උවමනාවකට

පසුගිය මැයි 25 වැනි දින අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ මාතලේ උකුවෙල වරාපිටියේ උපාධි අපේක්ෂිකා නදීෂා ලලනි වරාපිටියගේ (24) අබිරහස් මරණය පිළිබඳ අපරාධ අංශයේ විශේෂ කණ්ඩායමක් යොදා පරීක්ෂණ පවත්වන ලෙසට මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
මේ ඝාතනය දේශපාලනයට සම්බන්ධ ඝාතනයක් බවටද සැකයක් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය
දිසානායක මහතා ඔහුගේ ලිපියේ දක්වා ඇති අතර කරන ලද ඉල්ලීම අනුව පොලිස්පති ඉලංගකෝන් මහතා ඒ වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කරන බවද රෝහණ දිසානායක මහතා පවසයි.
ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් මාතලේ උකුවෙල වලව්වේ ලලනි නදීෂා නමැති බාහිර උපාධි අපේක්ෂිකාව අබිරහස් ලෙස

ඝාතනය වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සියලූ පරීක්ෂණ කණ්ඩායම්වලින් ඉවත් කරමින් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබේ.

මෙම ඝාතනය පිළිබඳව මාතලේ පොලිසියත් මහනුවර දිසා අපරාධ ඒකකයත් එක්ව පසුගිය කාලයේ පරීක්ෂණ සිදු කළත් එම ඝාතනයේ සාක්ෂි සොයා ගැනීම අපහසු වීම නිසා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට භාරදී තිබේ.

කෙසේ වෙතත් ලලනි නදීෂා ඝාතනය වූ දිනයේ ඇය දූෂණයට ලක් වූවාද යන්න මුලින් සැක පහළ වී තිබුණද පසුව එම සැකය දුරු වූයේ ඇගේ ශරීර අභ්‍යන්තරයේ ශුක‍්‍රාණු තිබි සොයා ගැනීමත් සමගය. ඉන් අනතුරුව එම ශුක‍්‍රාණු කවරකුගේද යන්න සොයා බැලීම සඳහා ඞී.එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

මේ සියලූ පරීක්ෂණ සිදුවන අතරතුර පොලිස්පතිවරයා විසින් මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙසේ භාරදී ඇත. එසේම ඇයගේ පෙම්වතා ලෙස හඳුනාගත් පුද්ගලයාද ඇය ඝාතනය වීමට මාස කිහිපයකට පෙර විදේශගතවී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත. කෙසේ වෙතත් මෙම ඝාතනය අබිරහසක් නිසා පොලිසිය දැඩි අසීරුතාවකට පත්ව සිට ඇති අතර මේ හේතුවෙන් රහස් පොලිසියට මෙම පරීක්ෂණය යොමු කර ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්