ටියුෂන් කප්පම් ගන්න අනුරපුරේ බේබදු සිසුවා මාට්ටු

අනුරාධපුර නව නගරයේ පදිංචි 19 හැවිරිදි පාසල් වියේ පසුවන ශිෂ්‍යයකු 9 වසරෙන් පසු පාසල් දිවිය හමාරකොට මත්පැන් පානයට ඇබ්බැහි වී උපකාරක පන්තිවලට පිට පළාත්වල සිට එන සිසුන් බියගන්වා මුදල් ලබාගන්නා අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
මොහු අනුරාධපුර නව නගරයේ පැවැත්වෙන අතිරේක පංති සඳහා සහභාගී වීමට පැමිණෙන සිසුන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබාගන්නා බව පැවසේ.

සැකකරු කහටගස්දිගිලිය, හොරොව්පොතාන, ගළෙන්බිඳුණුවැව වැනි ප‍්‍රදේශවල සිට අ.පො.ස උ.පෙළ සහ අ.පො.ස සා.පෙළ විභාගයන් සඳහා මුහුණ දීමට අතිරේක පංතිවලට සහභාගී වන සිසුන් බිය ගන්වා පහර දී ඔවුන් සතු මුදල් කප්පම් වශයෙන් ලබාගන්නා බව විමර්ශන ඒකකය අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව ඊයේ දිනයේ අනුරාධපුර
නගරයට අතිරේක පංති සඳහා පැමිණි සිසුවෙකුට නව නගර බස් නැවතුම්පොළේදී පහර දී ඔහු සතුව තිබූ අතිරේක පංති ගාස්තු මුදල වූ රුපියල් 1000ක මුදලක් සැකකරු පැහැර ගනිද්දී විශේෂ ඒකකයේ නිළධාරීන් එම තරුණයාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කාලාන්තරයක් තිස්සේ අනුරාධපුර නව බස් නැවතුම්පළට පැමිණෙන සිසුන් බිය ගන්වා විශාල වශයෙන් කප්පම් මුදල් ලබාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ අධික ලෙස මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති අයෙකු බවත් ඔහු කප්පම් මුදල් වලින් මත්පැන් පානය කරන බවද විශේෂ ඒකකය අනාවරණය කරගෙන තිබේ.
සැකකටයුතු ශිෂ්‍යයාගේ මව මියගොස් ඇති බවත් ඔහු සිය මිත්තණියගේ රැුකවරණය මත ඇය සමග පදිංචිව සිටින බවද පොලිස්
පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මත්පැන් පානයට තදින් ඇබ්බැහි වී සිටින බව කියන මේ ශිෂ්‍යයා ඊයේ අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්