වෙඩින් ඇල්බම් එක ගෙන එමින් සිටි කොස්තාපල් ත‍්‍රිරෝද රිය පෙරලී මරුට
පාදෙණිය අනුරාධපුර මාර්ගයේ විලව ප‍්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි.
ඊයේ (25 දා) උදේ 8.10 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ දිවුල්ගනේ ඇහැටුවැව ප‍්‍රදේශයේ පදිංචි ඒ. එච්. එම්. සුසන්ත බණ්ඩාර (32) නමැති විවාහකයෙකි.
පාදෙණිය සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත‍්‍රිරෝද රථය මාර්ගයේ සිටි බල්ලෙකු බේරීමට යැමේදී වේගය පාලනය කරගත නොහැකිව වට කිහිපයක් පෙරළීයැම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
මියගිය පොලිස් කොස්තාපල්වරයා විසින්ම ත‍්‍රිරෝද රථය ධාවනය කර ඇතැයි පවසන පොලිසිය පැවසුවේ ඔහු පසුගිය අපේ‍්‍රල් මාසයේ දී විවාහ වී ඇති අයකු බවයි.
අනතුරට පත් ත‍්‍රිරෝද රථයේ තිබී ඔහුගේ මංගල ඡායාරූප ඇල්බමය පොලිසිය විසින් සොයාගෙන ඇත. එහි ඔහුගේ විවාහ දිනය සටහන්ව තිබුණේ පසුගිය අපේ‍්‍රල් 25 යනුවෙන් බව පොලිසිය කීය. මියයන විට ඔහු විවාහ වී ඊයේ (25 දාට) දිනට මාස තුනකි.
මීට අමතරව එහි තිබී තෑගි පාර්සල් කිහිපයක්, වතුර ෆිල්ටර් එකක් පොලිසිය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසියේ පොලිස් පරීක්ෂක චාමින්ද, උප පොලිස් පරීක්ෂක කෝදාගොඩ, පොලිස් කොස්තාපල් (33558) ගාමිණී, පොලිස් කොස්තාපල් (64348) අජන්ත යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පොල්පිතිගම - වීරරත්න