චීන්නු 10 දෙනකුට සීගිරියේදී බඹරු අනිති

සීගිරිය නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයන් දසදෙනකු සිංහපාදය අසලදී ඊයේ (25 දා) පෙරවරුවේ බඹර ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා සීගිරිය, කිඹිස්ස ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූවන්ගෙන් එක් අයකුට බරපතළ බවද තුවාල ලැබූවන්ගෙන්
සිව්දෙනකු කාන්තාවන් බවද රෝහල් ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

චීන ජාතිකයන් පිරිසක් මෙසේ බඹර ප‍්‍රහාරයට ලක්ව තිබේ. මේ දිනවල පවතින අධික රශ්මිය හා දැඩි සුළං තත්ත්වය බඹර ප‍්‍රහාරයට හේතුවන්නට ඇතැයි සංස්කෘතික ත‍්‍රිකෝණයේ සීගිරිය ව්‍යාපෘති නිලධාරීහු කියති.

සීගිරිය - සරත් එරමිණිගම්මන

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි