දිලිනි ලක්ෂ 20ක් බැංකුවේ දාන්න කියූ නිසා වසර 3 ක පෙම අතෑරියා - ටෙලි නළු ශෂිරංග
ටෙලි නළු ශෂිරංග වික‍්‍රමසේකර සහ ටෙලි නිළි දිලිනි ලක්මාලි තිරිමාන්න අතර වසර 3 ක් තිස්සේ පැවති පෙම් සබඳතාව මාධ්‍ය තුළ ප‍්‍රසිද්ධ කාරණාවක්වී තිබුණා.
නමුත් පසුගිය දිනෙක මේ දෙදෙනා අතර ඇතිවූ කිසියම් ගැටලූවක් මත මෙම සබඳතාව බිඳවැටී තිබුණා. මෙයට හේතුවක් වූයේ ලක්ෂ 20 ක මුදල් ප‍්‍රශ්නයක් බව ශෂිරංග චෝදනා කරනවා.
සම්බන්ධය පැවති කාලයේ දෙදෙනා විසින්ම මාධ්‍ය වෙත
දෙදෙනාගේ පේ‍්‍රමය ගැන කියා තිබූ නිසා එය නතරවීම ගැනද හේතු කියන්නට ශෂිරංග ඉදිරිපත්ව සිටිනවා.
දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන ශෂිරංග
පසුගිය සතියේ සිළුමිණ රසඳුන අතිරේකයට මේ ගැන කියා සිටියේ මෙසේය.
‘මේ දවස්වල මගෙන් හැමෝම ආදරේ ගැන අහනවා. එයට හේතුවක් තිබෙනවා. ඔය වටින්ගොඩින් අහන්නේ මගේ තිබුණු ආදර සම්බන්ධතාව ගැනනේ.
ඇයයි මේ තීරණය ගත්තේ, අපේ සම්බන්ධය නතර කරන්න. එයට ඇය විවිධ හේතු කියනවා.
අවංකවම අදටත් මම දන්නේ නැහැ ඇය මේ සම්බන්ධය බිඳ දමන්න හේතුව.
ඒ ගැන අදටත් මට මොකුත් කියන්න බැහැ. ඇය මට එක එක චෝදනා එල්ල කරනවා. අවුරුදු 3ක් කියන්නේ ලොකු කාලයක්. මම ආදරේ සෙල්ලමට කළා නම් මට ඇයට පෙර මේ සම්බන්ධතාව නතර කර දමන්න හේතු තිබුණා. ඇය මං ගැන කියන දේවල් මට හිතාගන්න බැහැ.’
ඔබ සල්ලිවලට ආදරය මායිම් කළ බවටත් ඇය චෝදනා කරනවා.
‘එය බොරුවක්. මේ වසරේ අපි විවාහ වෙන්නයි හිටියේ. ඇය අපේ සම්බන්ධය නතර කළ විටත් මම ඇය අත්හැරියේ නැහැ. මම මාස තුනක් පුරාවට මේ දේවල් විසඳගන්න ඇයත් සමඟ කතා කළා. ඒත් ඇය පැවසුවේ ලක්ෂ විස්සක් ඇගේ ගිණුමේ තැන්පත් කරනවා නම් මාත් සමඟ විවාහ වෙන්න ඇය සූදානම් බවයි. ඇය වගේ මම සල්ලි බලල ඇයට කවදාවත්ම ආදරේ කළේ නැහැ.’
විවාහය දක්වා දුරක් ආ මේ සම්බන්ධය බිඳවැටීම ගැන ඔබ අද දුක් වෙනවාද? සතුටු වෙනවාද?
‘සතුටු වෙනවා. මොකද විවාහ වෙලා ඇය මේ විදිහට තීරණයක් ගත්තා නම් මමත් ඇයත් දෙදෙනාම අසරණ වෙනවා. මොකද මම ඇයට සෙල්ලමට ආදරේ නොකළ නිසා.’
සාකච්ඡා සටහන - තුෂාරි නේරංජා වික‍්‍රමසිංහ
(මේ සම්බන්ධයෙන් දිලිනි දක්වන අදහස දැනගැනීමට අපි කැමැත්තෙන් පසුවෙමු)