ලව් කේස් එකක් නිසා ශ‍්‍රීපාද විද්‍යා පීඨයේ ගැටුම්

පතන ශ‍්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර පසුගිය 25 දා රාත‍්‍රී ඇතිවූ ගැටුමට සම්බන්ධ සිසුන් 13 දෙනකු දිඹුල පතන පොලිසියෙන් සැකපිට පසුගිය (26) දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් අමිල ආරියසේන මහතා හමුවට පමුණුවන ලදුව සියලූම සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කර එක් අයකුට රුපියල් 10,000 ක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීය.

පසුගිය (25) දා රාත‍්‍රී ඇතිවූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 07 දෙනකු කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටි අතර, එම සිසුන් 07 දෙනා සමග මෙම ගැටුමට සම්බන්ධ තවත් ගුරු සිසුන් 06 දෙනෙක් මෙසේ අධිකරණය හමුවට පමුණුවා තිබුණි.
පේ‍්‍රම සම්බන්ධතාවක් මෙම ගැටුමට මුල්වී ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙස අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට ජනාධිපති

මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් මත අමාත්‍යවරයා පසුගිය 26 දා පස්වරුවේ ශ‍්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨය වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එම සිසුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙස විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

මෙහිදී ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා සිසුන් අමතමින් අවධාරණය කර සිටියේ මෙම විද්‍යාපීඨය දිවංගත තම සීයා වන සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා වතුකරයේ අධ්‍යාපන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් ඉදිකළ බවයි.තමන්ට මෙම විද්‍යාලය ගැන සොයාබැලීමට අයිතියක් ඇති බවත් මෙහි තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඒ මහතාගේ උපදෙස් මත පැමිණි බවත්  ඇමැතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ යහපත් සිසු පරපුරක් බිහිකිරීමට මෙහි ගුණගරුක, විනයගරුක ගුරු පිරිසක් රටට බිහිවිය යුතු බවත්, මෙහිදී අධ්‍යාපන කටයුතුවල නිසිලෙස නිරත නොවෙමින් ගැටුම්කාරී අයුරින් හැසිරෙන්නේ නම්, මධ්‍යම කඳුකරයට විශ්ව විද්‍යාලයක් නොමැති නිසා මෙම විද්‍යා පීඨය වසා දමා උපාධිධාරීන් බිහි කිරීමට විශ්ව විද්‍යාලයක් ඇති කරන බවයි. විද්‍යා පීඨයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය / රංජිත් රාජපක්ෂ - බගවන්තලාව / ශන්ත හුලංනුගේ - ආගරපතන

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්