කොළඹ ජාතික රෝහලේදී වෛද්‍යවරු දෙපිරිසක් අතර සෝස් ප‍්‍රහාරයක් සහ ගුටි කෙළියක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් දෙපිරිසක් අතර කොළඹ ජාතික රෝහලේදී ඊයේ දහවල් අවස්ථා දෙකකදී ඇති වූ පරුෂ වචන හුවමාරුව සෝස් ප‍්‍රහාරය හා ගුටි කෙළිය අවසන් කරන ලද්දේ පොලිසිය මැදිහත්වීමෙනි.
කොළඹ ජාතික රෝහලේ ආපනශාලාවේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
විසින් අත්පත‍්‍රිකා බෙදූ අවස්ථාවේදී හා ඊට පැය කිහිපයකට පසු රෝහලේ අටවැනි මහලේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ශාඛා සමිතිය පිහිටුවීම සිදු කෙරෙමින් තිබියදී එම ස්ථානයට පැමිණි වෛද්‍යවරු පිරිසක් එහි සිටි වෛද්‍යවරුන්ට කුණුහරුපයෙන් සංග‍්‍රහ කරමින් සමිතිය කඩාකප්පල් කර පහරදීම් සිදු කර තිබුණා.
හෘද රෝග වෛද්‍ය විශේෂඥයන් වන වෛද්‍ය රොහාන් ගුණවර්ධන, වෛද්‍ය සුරේෂ් කොට්ටගොඩ යන අය මෙහිදී පහරකෑමට ලක්වුණා.
ආපනශාලාවේදී වෛද්‍යවරුන් අත්පත‍්‍රිකා බෙදූ අවස්ථාවේ සෝස් ප‍්‍රහාරය එල්ලවී තිබුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ශාඛාවක් පිහිටුවාගෙන මව් සංගමයට පටහැනිව වෙනම කටයුතු කරන්නට උත්සාහ කළ පිරිසක් නිසා මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වුණා. පොලිසිය මැදිහත්වී එම ගැටුම සමථයකට පත්කර තිබුණා.