අල්ලපු ගෙදර බල්ලන් බුරන නිසා ඇමරිකානු ඉංජිනේරුවා පොලිසි ගිහින්

අසල්වැසි නිවසේ සුනඛයකුගේ කෑගැසීම නිසා තමන්ට නිවසේ පාඩුවේ සිටින්නට නොහැකි බව පවසමින් යාපනයේ පදිංචිව සිටින ඇමරිකානු ජාතික ඉංජිනේරුවෙකු පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
යාපනයේ ජල සම්පාදන ව්‍යාපෘතියක් සඳහා මෙරටට පැමිණ සිටින ඔහු නවාතැන් ගෙන සිටින නිවසට යාබද නිවසේ සිටිනුයේ එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයෙකි.

ග‍්‍රාම නිලධාරී නිවසේ මෑතක සිට ඇති දැඩි කරන උසස් වර්ගයක බල්ලෙකු දවස තිස්සේ බුරන්නටවීම මෙම ඇමරිකානු ජාතිකයාට මහත් හිසරදයක්වී ඇත.
මොහුගේ නිවසේ කාමරයට පිටත ආසන්න ස්ථානයක මෙම බල්ලා රඳවා තිබෙන අතර
තොරතෝංචියක් නැතිව ඌ බුරන බවද තමාට නින්දක් නැති බවද පවසමින් ග‍්‍රාම නිලධාරීට පිළියමක් යොදන ලෙස දැන්වුවද ඔහු  මෙය කනකට ගෙන නැත. ඇමරිකානු ජාතිකයා යාපනය පොලිසියට ගොස් පැමිණිල්ලක් දමා ඇත්තේ ඉන් පසුවය.
පසුව නිවෙස් හිමි ග‍්‍රාම නිලධාරීවරයාද පොලිසියට කැඳවා ප‍්‍රශ්නය විසඳන්නට පොලිසිය කටයුතු කරද්දී ග‍්‍රාම නිලධාරීවරයා මෙය ප‍්‍රශ්නයක් බව පිළිගන්නට මැළිකමක් දක්වා ඇත.
ඔහු පවසා ඇත්තේ ඇමරිකානු ජාතිකයාගේ නිවසේද කුකුළෙකු සිටින බවත් ඌ උදේ පාන්දර හඬලෑමද තමාට හිසරදයක්වී ඇති බවයි. තමන්ට නිදහසේ සතෙකු ඇති දැඩි කළ හැකි බවත් එයට

කිසිවෙකුට බාධාවක් කරන්නට නොහැකි බවත් ග‍්‍රාම නිලධාරීවරයා පොලිසියේදී පවසා ඇත.
මෙම නිවස අසළ සිටින අයට බාධාවක් වන ලෙස සතුන් ඇති කළ නොහැකි බැවින් බල්ලා නිවසින් ඉවත් කරන්න යයි පොලිසිය කියූ විට ග‍්‍රාම නිලධාරීවරයා කියා ඇත්තේ මෙම බල්ලා උසස් වර්ගයේ බල්ලෙකු බවත් විශාල මිලක් ගෙවා තමන් නිවසට රැුගෙන ආ බවත් තමන්ගේ නිවසේ ආරක්ෂාව පොලිසිය බලාගන්නේ නම් පමණක් බල්ලා වෙනත් තැනකට මුදාහැරිය හැකි බවත්ය.
නැවත කරුණු පැහැදිලි කළ පොලිසිය ඔහුට බලකර පවසා ඇත්තේ බටහිර රටවල මේ ආකාරයට අසල්වැසියන් කරදර කිරීම නීතිරීති අනුව දැඩි දඬුවම් ඇති ක‍්‍රියාවක් වන නිසා මෙම පැමිණිල්ල ඇමරිකානු ජාතිකයා කරන්නට ඇති බවත් ඔහු ගැන සලකා ලබන අගොස්තු 05 වනදාට පෙර සුනඛයා නිවසින් ඉවත් කර පොලිසියට දැන්විය යුතු බවත්ය. අකමැත්තෙන් එයට එක`ගවූ ග‍්‍රාම නිලධාරීවරයා ඉන්පසු පොලිසියෙන් පිටව ගොස් ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්