කළු වඳුරා සපා කෑ තර්ස්ටන් සිසුවා රෝහලට

ඊයේ උදෑසන කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සැරිසරමින් සිටි කළු වඳුරෙකු එම විද්‍යාලයේ සිසුවෙකුව සපාකෑම නිසා එම සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.
විදුහලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 11 හැවිරිදි මිහිර සංකල්ප නමැති මෙම සිසුවා උදෑසන හතට පමණ පන්තිය වෙත ගමන් කරද්දී පන්තිය අසළ තාප්පයක සිටි මෙම කළු වඳුරා එක්වරම සිසුවාගේ ඇගට පැන ඇත. පසුව සිසුවාගේ කකුළක් අල්ලාගත් ඌ කකුළ ලේ
පිටවනතුරු සපාකා ඇති අතර එය දුටු අනෙක් සිසුන් හා ගුරුවරුන් මැදිහත්වී වඳුරා එළවා දමා සිසුවාව බේරාගෙන රෝහල් ගත කරන්නට කටයුතු යොදා
තිබුණා.
ඔහු ඇතුළත් කළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ සිසුවාගේ ඇතිවූ තුවාල වලට මැහුම් දමන්නට සිදුවූ බවයි.
සිසුවාගේ පියා සිද්ධිය ගැන පොලිස් පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබෙනවා.
මින් ඉහත අවස්ථා දෙකකදීත් මෙම වඳුරාගේ සපැකෑමට තර්ස්ටන් සිසුවෙකු හා රාජකීය විද්‍යාල සිසුවෙකු හසුව ඇති බවද වාර්තා වුණා. තර්ස්ටන් රාජකීය විදුහල් හා කොළඹ විශ්ව විද්‍යාලය අසළ විශාල ගස්වල සැරිසරමින් සිටින වඳුරු රංචු ගැන වරින්වර පැමිණිලි කරත් උන් අල්ලා වෙනත් තැනකට මුදාහැරීමට බලධාරීන් කටයුතු නොකරන බවද වරක් වනජීවී දෙපාර්තමේන්තුව ඒ ගැන උත්සාහයක නිරත වුවත් එය පලක්වී නැතැයිද වාර්තා වුණා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්