කොල්ලූපිටියේ සමාජශාලාවේ නල`ගනන් අතර වලිය අධිකරණයට
කොල්ලූපිටියේ මුහුදු මාවතේ පිහිටි ඉන්දියානු සමාජශාලාවක නළගනන් තිදෙනෙකු විසින් එහිම තවත් නළ`ගනකට අතින් පයින් පහරදීමේ සිද්ධියක් පිළිබඳ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොල්ලූපිටිය පොලිසියේ පො.සැ. පේ‍්‍රමරත්න (24575) සහ පො.කො. බුද්ධික (78685) යන මහත්වරුන් විසින් සුරේකා, දිල්කි සහ තිළිණි යන නළ`ගනන් තිදෙනා ඊයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
ඒ අවස්ථාවේ සැකකාර නළ`ගනන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදර්ශනී ගුණරත්න මහත්මිය අධිකරණය වෙත කරුණු දක්වමින් පහරදීමක් සිදුවූවා නම් සිද්ධිය සිදුවී ආසන්නයේම අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබුණ නමුත් එවැනි පහරදීමක් සිදුවී නැති බව පවසමින් සැකකාරියන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.
නීතිඥ මහත්මියගේ එම ඉල්ලීමට අනුව කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් සැකකාරියන් තිදෙනා ශරීර ඇප මත මුදාහැරීමට තීරණය කෙළේය.
මේ පහරදීම ගැන එම සමාජ ශාලාවේම නළ`ගනක් වන නෙල්කා නැමැතිය කොල්ලූපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
සිරිසේන රාජපක්ෂ