දුම්රියේ හැපුණ අවමංගල්‍ය රිය විසි වී ගොස් ත‍්‍රිරෝද දෙකක හැපෙයි - 8 දෙනෙක් රෝහලේ

ඊයේ දහවල් කැලණිය තෙළඟපාත මන්සන්දිය අසළදී සිදුවූ දුම්රිය-අවමංගල රථ-ත‍්‍රීරෝද ගැටුම 8 දෙනෙකුට තුවාල සිදුකළ අනතුරක් වුණා.
හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේ පලෙයි සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රියක අවමංගල්‍ය රථය ගැටීමෙන් පසු එය විසිවී ගොස් මාර්ගය අසල නවතා තිබූ ත‍්‍රිරෝද රථ දෙකක සහ මගියකුගේ ශරීරයේ ගැටී ඇත.

අනතුරකින් තුවාල ලැබූ අටදෙනකු ඊයේ (24 වැනිදා) දහවල් ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර
අවමංගල්‍ය රථයේ රියදුරු ඇතුළු එහි සිටි තිදෙනකු ත‍්‍රිරෝද රථ දෙකේ ගමන් කළ 4 දෙනකු සහ මහා මාර්ගයේ ගමන් කළ පුද්ගලයකුද සිටී
ඊයේ දහවල් 12.45 ත් 1.00 ත් අතර මෙම අනතුර සිදුවී ඇති අතර අවමංගල්‍ය රථය
අනතුරට ලක්වන අවස්ථාවේ මෘත දේහයක් නොමැතිව ධාවනය කර තිබී ඇත.
අවමංගල්‍ය රථය දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරවීමට එහි රියදුරා උත්සාහ කළ අවස්ථාවේ එය දුම්රිය මාර්ගය මැද නතරවී ඇති බවත් දුම්රිය එනවිට එය එතැනින් ඉවත්කරගන්නට රියදුරු අසමත්වූ බවත් කියැවුණා.
එම අවස්ථාවේ පලෙයි සිට පැමිණි ශීඝ‍්‍රගාමී දුම්රියේ අවමංගල්‍ය රථය ගැටී එය විසිවී ගොස් අසළ ත‍්‍රීරෝද රථවල ගැටුණා.
වාහනය දුම්රියේ ගැටී පොඩිපට්ටම් නොවී විසිව යාම නිසා ජීවිත හානි වෙනුවට තුවාල පමණක් ඇතිවූ බවද කියැවුණා. රෝහල් ආරංචි සඳහන් කළේ අනතුරට පත්වූවන්ට බරපතල හානි නැති බවකි.



Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්