රෙබෙකා නිර්මලීට ඉක්මන් සුවය පතමු

වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය පාඨකයින් හඳුනාගත් ප‍්‍රකට ටෙලි නිළි රෙබෙකා නිර්මලී මේ වනවිට අසාධ්‍යව මහරගම පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
ඇයට ඉක්මන් සුව ලැබීම ඔබ අප සැමගේ ප‍්‍රාර්ථනාවයි.
පසුගිය මාස දෙකක පමණ කාලයක සිට ඇය රෝහල්ගතව සිටින අතර ඇය වටා නිරන්තරයෙන්ම

එක්ව සිටින කලා හිතවතුන් හා පේ‍්‍රක්ෂකයින්ගේද ප‍්‍රාර්ථනාව ඇයට ඉක්මන් සුවය ලබන්නටය.
ඇය තනි නොකර රෝහලේ 14 වන වාට්ටුවේ ඇය අසළම සිටින්නේ ඇගේ දියණිය ඈන්ය.

පිළිකා රෝග සුව කරන්නියක ලෙස වෙදහාමිනේ ටෙලි නාට්‍යයෙන් පේ‍්‍රක්ෂක හදවත්

වැළඳගත් ඇය එම රෝගයටම ගොදුරුවීම එක් අතකින් දෛවෝපගතය.
අනුරාධපුරයෙන් කොළඹට පැමිණ ටෙලි ක්ෂේත‍්‍රයට එක්වූ රෙබෙකා මේ වනවිට ටෙලිනාට්‍ය 150 ක පමණ ර`ගපා ඇති අතර පසුගිය කාලයේ ටෙලි නාට්‍ය රාශියක මවගේ චරිතයට ඇය පණපොවමින් සිටියා. පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම්මානයකින්ද ඇය පිදුම් ලැබුවාය.

ඉතාම කෙටි කාලයක් තුළ ඇගේ රෝග ලක්ෂණ ගැන දැනගන්නට ලැබී ඇයට රෝහල් ගතවන්නට සිදුවුණා.
වෛද්‍යවරුන්ගේ උත්සාහය ඇයට කිසියම් හෝ සහනයක් ඉක්මණින් ලබාදෙන්නටය. ඇයට ඉක්මන් සුවය කලාකාමී අපි සැම ප‍්‍රාර්ථනා කරමු.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්