දූගෙ බාරය ඔප්පු කරන්න තාත්තා කි.මි.160ක් පයින් කතරගමට

ගිය වසරේ පැවැති අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් සිය දියණිය ඉහළින්ම සමත්වන ලෙස ඉල්ලමින් කතරගම දේවාලයේදී කතරගම දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරීම සඳහා කීර්ති බණ්ඩාරපුර සේරපිටිය බැලූම්ගොඩ පදිංචි ඩබ්. ඒ. තිලකසිරි රත්නසිරි මහතා කිලෝමීටර් 160 ක පමණ දුරක් ගෙවා යැමට පෙරේදා (27 දා) උදෑසන 5.00 ට පමණ පයින්ම කතරගම බලා පිටත් විය. සිය දියණිය ගියවර අ.පො.ස. (සා.පෙ)
විභාගයෙන් ඉහළින්ම සමත්ව දැනට අ.පො.ස. (උ.පෙ) හදාරන බව තිලකසිරි මහතා පැවසීය. මේ නිසා තමා සිය ගම් ප‍්‍රදේශයේ සිට පයින්ම කතරගම ගොස් කතරගම දෙවිඳුන්ට වූ බාරය ඔප්පු කරන්නට තීරණය කළ බව තිලකසිරි මහතා පැවසීය.
සේරුපිටිය කීර්ති බණ්ඩාරපුර,  බිබිල, මැදගම, බකිණිගහඇල්ල, මොණරාගල, බුත්තල ප‍්‍රදේශ ඔස්සේ තිලකසිරි මහතා පයින්ම කතරගම බලා ගමන් කරයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්