සිසුවියට ටොකු ඇන්නවූ විදුහල්පති අත්අඩංගුවට
අවුරුදු 10 ක් වයසැති ශිෂ්‍යත්ව පන්තියේ සිසුවියක වේලාසනින් පාසැලට එන්න දන්වා තිබුණ පන්ති පිරිසිඳුකිරීමට නියමිත දිනයේ ප‍්‍රමාදවී පැමිණීම නිසා
දඬුවමක් ලෙස විදුහල්පතිගේ නියමයෙන් ඇගේ පන්තියේ යහළුවන් ලවා ටොකු ඇන්නීමේ සිද්ධියක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.
අසාමාන්‍ය ලෙස හිසට එල්ලවූ ටොකු පහර හේතුවෙන් ඇති වූ කැරකිල්ල හා වමනය, හිසේ කැක්කුම නිසා ඇය එදින සවස දියබෙදුම ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට මාරුකර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මාපියන් පොලිසියට පැමිනිලිකිරීමෙන් අනතුරුව විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගන්නටද පොලිසිය කටයුතු කර තිබෙනවා.
මෙසේ ටොකු කා ඇත්තේ දිබෙදුම නාමල් වැව ප‍්‍රාථමික විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුෂි සිත්මිණි සන්දනායක නම් දැරියකි. පෙරේදා (16දා* උදේ පන්තිය පිරිසුදු කිරීමට තරුෂිටත් තවත් ගැහැනු ළමයින් තිදෙනකුටත් පැවැරී තිබී ඇති අතර පන්තිය පිරිසුදු කිරීම ප‍්‍රමාද වූ හෙයින් විදුහල්පතිවරයා පැමිණ පන්තිය අතු ගෑමට සිටි කණ්ඩායම ඉදිරියට ගෙන අනෙක් ළමයින් ලවා ටොකු අන්නවා ඇත. මිශ‍්‍ර පාසලක්වූ මෙහි ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම සිට ඇත.
‘ගැහැනු ළමයි
ටොකු ඇන්නේ නෑ. පිරිමි ළමයි 10ක් විතර පොරකකා මගේ ළමයට ටොකු ඇනලා තියනවා. හවස ගෙදර ආවේ අඬාගෙන ඔළුව රිදෙනවා කියලා. අහලා බැලූවාම විස්තරේ කිව්වා. මගේ ළමයට වමනේ ගියා. අගෝස්තු මාසේ ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න ඉන්නේ. කලන්තේ, කැරකිල්ල හින්දා දියබෙදුමෙ පොලිසියට පැමිණිල්ලක් දාලා ඉස්පිරිතාලේ නැවැත්තුවා. මගේ දුව දැන් ඉස්කෝලේ යන්න බෑ කියනවා. විභාගෙත් ළ`ගයි. මගේ අනෙක් දරුවාත් මේ ඉස්කෝලෙට ලබන අවුරුද්දේ දාන්න ඉන්නේ. මගේ ළමයින්ගෙන් පළිගනිය කියලත් හිතෙනවා යයි තරුෂිගේ මව මේ ගැන කියා තිබුණා.
ටොකු පහර කෑ දැරිය බලවත් කම්පනයට පත්ව සිටින අතර පන්තියේ පිරිමි ළමයින් සියලූ දෙනාම පාහේ විදුහල්පති නියමයෙන් තමන්ට ටොකු ඇන්න බව කියා සිටියා.
සැකකාර විදුහල්පති උඩතැන්නේගෙදර පේ‍්‍රමරත්න මහතා අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය දන්වා ඇත.
තොරතුරු - බණ්ඩාර මුදියන්සේ හා ගාමිණී ඔබේසේකර