අතුරුදන්වූ සුදු නයා ගෙනත් දාලා

දෙහිවල සත්තුවත්තේ සිට හොරෙන් රැුගෙන ගියයි කියන සුදු නාගයා අද (17දා) උදෑසන සත්වෝද්‍යානයේ ගේට්ටුව අසළට කිසියම් අයෙකු ගෙනවිත් දමාගොස් තිබේ.
ගේට්ටුව අසළට පෙට්ටියකින් සුදු නාගයා ගෙනවිත් ඇත්තේ කවුරුන්දැයි සොයාගෙන නැත.
සුදු නාගයා නැතිවීම ගැන ඊයේ ආන්දෝලනයක් ඇතිවූ අතර ඒ ගැන පරීක්ෂණ සිදු කරන්නට
පොලිසියද විමර්ශන අරඹා තිබිණි.
විමර්ශනවලට හසුවේ යයි බියෙන් එය ලබාගත් පුද්ගලයා මෙසේ ගෙනත් දමන්නට ඇතැයි සැකකෙරේ.
මේ සුදු නයා ප‍්‍රදර්ශන නාගයකු නොවූ අතර ඌ අතිරික්ත නාගයකු ලෙස ආවරණ ස්ථානයක ඉබියතුරු දමා ආරක්ෂාකාරීව වාසය කර තිබුණා.
සුදු නාගයා සිටි ස්ථානය දෙකට බෙදා අනෙක්පස වැලි පිඹුරකුද සිට ඇති අතර, මේ නාගයා සිටි ස්ථානයේ ඉබියතුරු විවර කර යළි වසා ඇති බවට සාක්ෂි ලැබුණා.
කිසිවකු විසින් මේ සුදු නයා සොරා ගන්නට ඇතැයි සැක මතු වීම නිසා එහි සත්ත්ව පාලක පොලිසියට පැමිණිලි කොට තිබුණා.
එම නාගයා අවසන් වරට පසුගිය 11 වැනි දින සවස 3ටද එහි සේවකයන් දැක තිබූ අතර, ඌ 14දා සවස 4.15ට අතරුදන් වී ඇති බව පරීක්ෂණවලදී හෙළි වුණා.
මෙසේ දැඩි රැුකවල් මත සිටින මේ සුදු නාගයා ආරක්ෂක අංශවලද ඇස් වසා සොරකම් කිරීම අසීරු කටයුත්තක් වූ බවද කියැවුණා.
මීට දින කිහිපයකට ඉහතදී සත්ත්ව රෝහලේ සේවය කරන නිලධාරියකු විසින් සුදු නාගයකු සොයා ගත හැකි නම් ඌ ලක්ෂ දහයකට පමණ විකුණා දිය හැකි බව උරග උයනේ සේවකයකුට පවසා තිබුණ බවද මේ අතර වාර්තාවී තිබුණා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්