සල්ලිදීලා පන්ති යවන්නෙ දේශපාලනේ කරන්න නෙමේලූ -රූපවාහිනී නිවුස්

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පෙරේදා ජනප‍්‍රිය උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගලගේ උසස්පෙළ සිංහල පන්තියේ සමුගැනීමේ සාදය සඳහා ආරාධිතයෙකු ලෙස එක්වීම ඊයේ ජාතික රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශයෙන් දැඩි විවේචනයට ලක් කර තිබුණා.
දෙමාපියන් සල්ලි දී දරුවන් ටියුෂන් පන්ති යවන්නේ එම
කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට බවත් දෙමාපියන් දුක් මහන්සියෙන් මුදල් උපයා ටියුෂන් ගාස්තු ගෙවන්නේ මෙවැනි දේ කිරීමට නොවන
බවත් එහිදී කථා කළ ටියුෂන් ගුරුවරයෙකු වෙසින් පෙනී සිටි පුද්ගලයෙකු අදහස් පළකරා.
තවත් කුඩා ටියුෂන් පන්තියක් පසුබිමේ තබා කථා කළ සිසුවෙකුගේ පෙනුමැති අයෙකු කියා සිටියේ පන්තියක් ඇතුලේ දේශපාලනය කථා කිරීම ගුරුවරයෙකුගේ යුතුකමක් නොවන බවයි. මේ අතර ජාතික රූපවාහිනී කැමරාවට මගදී හමුවුණ පියෙකු කියා සිටියේ පන්තිවලට යවන්නෙ ඉගෙන ගන්න මිසක් දේශපාලනය කරන්න නොවන බවයි.
මෙසේ කියන රූපවාහිනී වාර්තාව අවසන් කර තිබුනේ රනිල් මින් ඉහත  කියා තිබුණ ‘බ්රේස්ලට් කතාව’ හා ‘චුවින්ගම් කතාව’ සිහිපත් කරමින් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය තුළ දේශපාලන මතවාදයක් මතුකරමිනි.
එම ප‍්‍රවෘත්ති අංගය පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්