කැලණි සරසවි සිසුවිය යෝග කරද්දී මියයයි

රංග කලා යෝගි අභ්‍යාසයෙහි යෙදී සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක ඊයේ (25 වැනිදා) හදිසියේ ඇදවැටී මියගොස් තිබේ.
මෙම ශෝචනීය සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ එම්. ඩබ්ලිව්. ජී. සුරේෂිකා මධුශානි නමැති 23 හැවිරිදි ශිෂ්‍යාවකි.
ඊයේ (25 දා) උදෑසන 8.30 ට පමණ විශ්වවිද්‍යාලයේ කලා අංශයේ රංග කලා පාඨමාලාවේ යෝගි අභ්‍යාසයෙහි යෙදී සිටියදී ඇය හදිසියේ ඇද වැටී ඇත. පසුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකය මගින් ඇයට වහා ප‍්‍රථමාධාර ලබාදී විශ්වවිද්‍යාලයට ආසන්නම රෝහල වන කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇතත් ඇය මියගොස් සිටි බව මූලික වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අභ්‍යාස උපදේශිකා එච්. බී. විෙඡ්ගුණරත්න මහත්මියගේ මෙහෙය වීමෙන් මෙම රංග කලා යෝගි පාඨමාලාව පවත්වා ඇති අතර හදිසියේ මෙම ශිෂ්‍යාව ඇදවැටී මියයැම පිළිබඳව සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් මහත් කම්පනයට පත්ව සිටින බවද විශ්වවිද්‍යාල තොරතුරුවලින් අනාවරණය වේ. සුරේෂිකා මධුෂානි ශිෂ්‍යාව මහනුවර ප‍්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.

කැලණිය හදිසි මරණ පරීක්ෂක සරත් රොද‍්‍රිගු මහතාගේ පරීක්ෂණවලින් අනතුරුව කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඇයගේ දේහය යොමුකර ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්