නවත්වන්න කීවාම යතුරු පැදිය කොස්තාපල්ගේ ඇගට පැදලා

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් නවතන ලෙස අණ කළ කැලණිය මීගහවත්ත පොලිසියේ කොස්තාපල්වරයකුගේ සිරුරේ යතුරුපැදිය ගැටීමට සලස්වා ඝාතනය කළ සිද්ධියක් ඊයේ (20 වැනිදා* අලූයම් කාලයේ සිදුවී තිබේ.
කොස්තාපල්වරයා හප්පා ඝාතනය කළ බව කියන යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනා මීගහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අධික ලෙස බීමත්ව සිට ඇති බව හෙළි වී තිබේ.

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියේ හප්පා ඝාතනයට ලක් කර ඇත්තේ මීගහවත්ත පොලිසියට අනුයුක්තව රාජකාරි කළ ලාල් දයාරත්න (21855* නමැති පනස්එක් හැවිරිදි තිදරු පියෙකි.
මීගහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් උඩුපිල හන්දියේ මාර්ග බාධකයක් යොදා රථවාහන
පරීක්ෂාවේ යෙදී සිට ඇත. ඊයේ අලූයම 12.20 ට පමණ මාර්ග බාධකය හරහා ගමන් කිරීමට පැමිණි යතුරුපැදියක් නවතන ලෙස පොලිස් නිලධාරීන් සංඥ කර ඇතත් පොලිස් නිලධාරීන්ගේ ඇÛට කපා යතුරුපැදිය අධික වේගයෙන් පලාගොස් ඇත.
යතුරුපැදිය මාර්ග බාධකය පසුකර මීගහවත්ත පොලිසිය ඉදිරිපිටින් යා යුතු බව දැන සිටි මාර්ග බාධකයේ සිටි නිලධාරීන් යතුරුපැදිය නවතා ගන්නා ලෙස මීගහවත්ත පොලිසියට ඇමතුමක් ලබා දී ඇත.
ඒ අනුව පොලිසිය ඉදිරිපිට ආරක්ෂක රාජකාරියේ සිටි කොස්තාපල් දයාරත්න මහතා තමා අත තිබූ ටී. 56 ගිනි අවිය ද අතට ගෙන අධික වේගයෙන් පැමිණි යතුරුපැදියට නවතන ලෙස සංඥ කර ඇත.


එහිදී යතුරුපැදිකරු කොස්තාපල්වරයාගේ ඇ`ගට කපා පලායැමට උත්සාහ කරනවාත් සමගම යතුරුපැදිය කොස්තාපල්වරයාගේ සිරුරේ ගැටී ඇත. කොස්තාපල්වරයා මීටර් කිහිපයක් විසිවී ගොස් බිම වැටී ඇති අතර යතුරුපැදිය ද පාලනය කරගත නොහැකිව පෙරළී එහි පැමිණි දෙදෙනා ද තුවාල ලබා ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා ගම්පහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇත. අනතුර සිදුකළ යතුරුපැදියේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු සිට ඇති අතර ඔවුන් මිතුරකුගේ සාදයකට සහභාගි වී කැලණිය ප‍්‍රදේශයේ නවාතැන් පළට යමින් සිටියදී අනතුර වී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිකරගෙන තිබේ.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න මහතාගේ උපදෙස් මත මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති දිසානායක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්