උපුල් ශාන්තගේ අපේ සිංහල පන්තියට රනිල් ගිහින්

ජනප‍්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ නුගේගොඩ රොටරි ආයතනයේ පිහිටි ‘අපේ සිංහල පන්තියේ’ සමුගැනීමේ සාදයකට පසුගිය සතියේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ගොස් තිබුණා.
එළැඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුදැරියන්ට අවසන් දේශනය පැවැත්වීමෙන් පසු සමුගැනීමේ සාදයක් සංවිධානය කර තිබුණ අවස්ථාවක ‘ඔබට සුබ පැතීම සඳහා මේ
වෙලාවේ විශේෂ කෙනෙක් ඇවිත් ඉන්නවා. ඒ තමයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ’ යනුවෙන් හඳුන්වා තිබුණා.

ඒ සමගම රනිල් වික‍්‍රමසිංහ පන්තිය ඇතුළට ගිය අතර සිසු දරුදැරියන් උණුසුම් ආකාරයට ඔහුව පිළිගත්තා.
සමහරු රනිල්ගේ සමරු සටහන් ලබාගැනීමට ඔවුන් අත තිබුණ පොත් දිගු කළා.

සමහරුන් අත්වල බැඳ තිබුණ කොළ පැහැති රිබන් පටි රනිල්ගේ අතේ බඳින්නටද ක‍්‍රියා කළා.
ලංකාවේ විශාලතම පිරිසක් සහභාගීවන ටියුෂන් පන්තියක් ලෙස නම් දැරූ අපේ සිංහල පන්තිය පවත්වනු ලබන උපුල් ශාන්ත සන්නස්ගල ගීත රචකයෙකු හා සිනමා නිර්මාණකරුවෙක ලෙසද ප‍්‍රකටය.

පසුගිය සබරගමු පළාත්සභා මැතිවරණයේදී මහඇමති අපේක්ෂකයා ලෙස එජාපයෙන් ඔහුව නම් කර තිබී කිසියම් හේතුවක් නිසා පසුව ඔහු ඉන් ඉවත්විය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්