ඌව පලාත් ඡන්දේ ප‍්‍රථම ගැටුම වාර්තා වෙයි

 මොණරාගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රි ජානක තිස්සකුට්ට්ආරච්ච් මහතාට අයත් වැල්ලවාය හඳපානාගල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ ප‍්‍රචාරක කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් පහරදී විනාශ කර ඇති බවට ඌව පළාත් ඡුන්දේ ප‍්‍රථම ගැටුම ලෙස වාර්තා වී තිබේ.
අද (21) අළුයම 12.30 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී තිබේ .ප‍්‍රහාරය එල්ල  වන අවස්ථාවේ නිවෙස් හිමියන් ඇතිලිවැව ප‍්‍රදේශයේ පැවති සංගිත සංදර්ශනයක් නැරඹීමට ගොස් සිට ඇති අතර එම කාර්යාලයේ දොරවල් බිද විදුරු අල්මාරි කුඩු කර කැරම්බෝඞ් පොඩි කර දමා අලාභ හානි සිදු කර ඇත.


මෙහිදී  මන්ත‍්‍රිවරයාගේ රුව සහිත බැනර් 2 කටද  අලාභ හානි වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවෙස් හිමියන් වැල්ලවාය පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
ඌව පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා භාරදීමට පෙර සිට මෙවැනි ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වීම සම්බන්ධයෙන් පොලිසිය වහා පියවර ගත යුතුව ඇති බවත් මැතිවරණ නිති රීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිසිය දැඩිව ක‍්‍රියා කල යුතු කාලය එළඹ ඇති බවත් කැෆෙ සංවිධානයේ අදහසයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි