විදෙස්ගත ලාංකිකයින්ට ‘තිනෙත‘ සැටලයිට් නාලිකාව


රටවල් 116ක් ආවරණය කරමින් ශ‍්‍රී ලංකාවේ සිට විකාශය කරන තිනෙත චන්ද‍්‍රිකා රූපවාහිනී නාලිකාවේ විකාශයේ ආරම්භය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අස්ථාවට ප‍්‍රංශ තානාපති ජෝන් ඞීන්,
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය චරිත හේරත්, රජයේ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය රන්ජිත් බණ්ඩාර, ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා කියා සිටියේ ලංකාවේ රූපවාහිනී නාලිකා විශාල ප‍්‍රමාණයක් තිබුනත් මේ රටේ සෞන්දර්ය, විශේෂයෙන්ම යුද්ධයෙන් පසු මේ රට ඇති වී තිබෙන පිබිදීම, සංවර්ධනය ලෝකය වෙත ගෙන යාමේ අඩුවක් තවමත් තියෙනවා. එම අඩුව තිනෙත නාලිකාවේ පැමිණීමෙන් මග හැරේවි කියා විශ්වාස කරන බවය.
මෙහිදී අදහස් දැක්වූ තිනෙත සභාපති රොහාන් වැලිවිට මහතා ජනමාධ්‍ය නීති රීති හා සම්ප‍්‍රදායන් ඉහළින්ම රකිමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ගොඩනැගෙන , සංවර්ධන වැඩසටහන් සහ විශේෂාංග වැඩසටහන් ලොව පුරා පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් තිනෙත විකාශය කරනු ඇතැයි පැවැසීය.
තිනෙත චන්ද‍්‍රිකා රූපවාහිනී නාලිකාව Apstar – 7 , F – 4063H, S – 1250 යන තාක්ෂණික දත්ත ඔස්සේ නැරඹිය හැකි බව පැවසූ ඒ මහතා තිනෙත රූපවාහිනිය හා අත්වැල් බැඳගන්නා මෙන් විශේෂයෙන් විදෙස් ගත ලාංකිකයන්ට ආරාධනා කළේය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්