සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුළු 4 කට වසර 40 ක සිර දඬුවම්

කුරාම් ෂෙයික් ඝාතනය හා වික්ටෝරියා සමූහ දූෂණ නඩු තීන්දුව දෙයි
සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුළු 4 කට වසර 40 ක සිර දඬුවම්

තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී   2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ ¥ෂණයට ලක් කළ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ
ඇතුළු හතර දෙනකුට  එරෙහිව පැවති නඩුවේ තීන්දුව අද කොළඹ මහාධිකරණයේදී ලබාදුන් අතර ඒ අනුව
චෝදනා වලට වැරදිකරුවන් කර ඔවුනට අද වසර 40ක සිර දඬුවම් හිමිවුණා.
කුරාම් ෂෙයික් මැරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, වික්ටෝරියා සමූහ ¥ෂණය කිරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද ලෙස දෙකම එක වර ගෙවී යන ලෙස වසර 40ක සිර දඬුවමක් පනවන බව කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නියෝග කළා.
 ඕ ඒ ලහිරු කැලූම් ,යු සමන් දේශප‍්‍රිය, සම්පත් චන්ද‍්‍රපුෂ්ප විදානපතිරණ සහ ඩබ්ලිව් ප‍්‍රගීත් චතුරංග මේ අනුව වැරදිකරුවෝ වූහ. මෙම දඬුවම් වලින් එම් සරත් හෙවත් සහන් හා ප‍්‍රගීත් චතුරංග නිදහස් කරනු ලැබ ඇත.

අගතියට පත් පාර්ශ්වයට රුපියල් දෙලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරිය සියලූ වැරදිකරුවන්ට නියම කර ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්